Colombo Today Local News

සුඛෝපභෝගී බස්රථයක් කුඹුරකට කරනම් ගහයි

මැදවච්චිය පොලිස් වසමේ යාපනය – මහනුවර මාර්ගයේ දී සුඛෝපභෝගී පුද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී ගොස් තිබේ.

ඉකිරිගොල්ලෑව රණවිරු ගම්මානය හන්දියේ දී වැල්ලවත්ත සිට යාපනය දක්වා ධාවනය වු එම බස්රථය රියදුරුට පාලනය ගත නොහැකිව එලෙස පෙරළී ගොස් ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස්රථය තුළ මගීන් 46දෙනෙක් සිට ඇති අතර ඉන් මගීන් 8දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා දේශපාලන කෑදැත්තන් ද?

colombotoday

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළා

colombotoday

කැනඩාවේදී ලාංකික පවුලක් සාහසික ලෙස ඝාතනය කරයි

Admin

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන්, ජනපති හමුවෙයි

Admin

සහල්, පොල් වගේම එළවලුත් පිට රටින් ගෙන්වන්න සූදානම් – අගමැති

colombotoday