Colombo Today Local News

ඥානසාර හිමි සහ කාදිනල්වරයා අතර හමුවක්

බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ මැල්කම් රන්ජිත් කාදිනල්වරයා අතර හමුවක් අද (14) උදැසන කාදිනල් නිල නිවසේදී සිදුවිය.

මෙහිදී, රට තුල සිදුකෙරෙන වන්ද්‍යාකරණ වැඩ පිළිවෙල සහ ඉරිදා අමතර පංති පැවැත්වීමට විරුද්ධව කාදිනල්වරයා සිදුකල ප්‍රකාශයට ස්තූතිය පලකල  ඥානසාර හිමි 2012 වසරේදී මේ පිලිබදව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කල යෝජනාවලිය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මුදල් යොදවමින් සිදුකරන වන්ද්‍යාකරණ වැඩපිළිවෙලට අදාළ සාක්ෂි සහ විස්තර කාදිනල්වරයාට ලබාදෙන ලදි.

මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවය රැකගැනීම සියල්ලගේම වගකීමක් බව පැහැදිලි කල කාදිනල්වරයා අප සතුව පවතින වටිනාකම් ආරක්ෂා කරගන කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව පැහැදිලි කර සිටියහ.
බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් බොදු බල සේනා සංවිධානය නියෝජනය කරමින් මෙම අවස්ථාව සදහා සහබාගි විය.

 

Related posts

IMF දෙවැනි වාරිකය ලැබීම ආයෝජකයන්ට ධනාත්මක පණිවිඩයක් – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

රතන හිමිත් මහින්දට…

colombotoday

පොදු වැසිකිලි ගාස්තු නැවත ඉහල යයිද?

Admin

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළට – මෙරට නව ගෑස් මිල ගැන දැනුම්දීම හෙට

Admin

රාජපක්‍ෂ සහගහන බදු ගහලා..

colombotoday

GSP+ නොවැම්බරයේදී ලංකාවට !

colombotoday