Colombo Today Local News

අභිරහස් ලෙස අපවත් වූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ ඝාතනය සෙවීමට පොලිස් කණ්ඩායම් 8ක්

අභිරහස් ලෙස අපවත් වී තිබූ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අපවත්වීම පිළිබඳව අද (14)දින විශේෂ විමර්ශන ආරම්භ කෙරුණි.

පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ අටක් මේ සඳහා එක්ව සිටින බව වාර්තා වේ.

දින දෙකක් පුරා අතුරුදන්ව සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ දේහය පසුගිය (08) වන දා සොයා ගනු ලැබු අතර, එම අවස්ථාවේ දී උන්වහන්සේගේ දෙපා වයරයකින් ගැට ගසා ඊට කොන්ක්‍රීට් කැබැල්ලක්ද ගැට ගසා තිබුණි.

අපවත් වු හිමිනම කවුරුන් විසින් හෝ ඝාතනය කොට දියේ ගිල්වා දැමීමට උත්සහ දරා ඇති බවට සැකකරන බව පොලීසිය පැවසීය.

උන්වහන්සේ, නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදිව රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසුහ.

Related posts

ඩොලර් ගලනය සියයට 69කින් ඉහළ ගිහින්

Admin

‘ජාතිවාදය’ අර්ථකථනය කරන්නැයි ඉල්ලා අගමැතිට යැවූ ලිපියට තවම පිළිතුරක් නෑ” හෑගොඩ විපස්සී හිමි

colombotoday

රාජිත ට සිතාසි

colombotoday

රාජිත “ආවා“ කල්ලිය හමුදාවට පටලවයි.. ගෝඨාගෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු

colombotoday

අලි සබ්‍රි කියන්නේ තක්කඩියෙක්, අන්තවාදියෙක්, ත්‍රස්තවාදියෙක් – මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි කියයි

colombotoday

ඇමති රියදුරු ඝාතනයට දෙදෙනෙක් බාරවෙයි

colombotoday