Colombo Today Local News

දිනකට 100 දෙනෙක්ට නෙළුම් කුළුණෙන් පහළට පනින්න අවස්ථාව

නෙළුම් කුළුණේ සිට රැහැන් ආධාරයෙන් පහළට පැනීමේ ‘බංජි පිමි’ ක්‍රීඩාව ලබන වසරේ ජනවාරි 1 වන දා සිට හඳුන්වා දීමට නෙළුම් කුළුණ කළමනාකාරිත්ව ආයතනය පියවර ගෙන තිබේ.

සිංගප්පූරු සමාගමක් සමග පසුගිය දා මීට අදාළ ගිවිසුමකට ද එළඹ ඇත.

නෙළුම් කුළුණ මුදුනේ ඉදි කෙරෙන විශේෂ පීඨිකාවක සිට මීටර් 260ක් පහළට පැනීම මෙහිදී සිදු කෙරේ.

විදේශීය අයට මෙන් ම දේශීය අයට ද මෙම ක්‍රීඩාව සඳහා සහභාගි විය හැකි අතර දේශීය අයට අඩු මුදලක් අය කිරීමට පියවර ගෙන ඇත.

දිනකට පැනුම් වාර 100ක් කෙරෙන අතර රාත්‍රි කාලයේ නෙළුම් කුළුණ ආලෝකවත් කිරීමෙන් පසුව එවැනි පැනුම් වාර 30ක් 40ක් කිරීමට ද සැලසුම් කර තිබේ.

ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන තරගයකින් තෝරා ගන්නා ක්‍රීඩකයන් කිහිප දෙනකුට නොමිලේ පැනීමට අවස්ථාව ලබා දෙන බව ද නෙළුම් කුළුණ කළමනාකාරිත්ව පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ පවසයි.

විදේශීය සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක් බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ගිනි අවියක් සහ තහනම් කඩු දෙකක් රැගෙන යමින් සිටි තුනක් මාට්ටු

colombotoday

ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකට භාරදෙයි

colombotoday

අත්අඩංගුවට ගෙන තිබු ලොරි රථයේ රෝද හොරකම් කළ පොලිස් කොස්තාපල්

colombotoday

9 වැනිදා රටටම විදුලිය විසන්ධි වීම ගැන හොයන්න කමිටු දෙකක්

Admin

වැට් පනතට ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය.. අගමැති අමාරුවේ !

colombotoday

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි !

colombotoday