Colombo Today Local News

පුංචි ජන්දෙට අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩි නොවෙයි.

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සඳහන් කරන්නේ, පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය.

මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා මෙම අදහස් පළකළේය.

“මේ සාකච්ඡාවේදී ඒ අය ඉල්ලීම් කළා ඉන්ධන කෝටාව වැඩිකිරීමට. ඒකේදී අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ මොහොතේදී ඉන්ධන මිලදී ගැනීමට අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඩොලර් මිලදී ගැනීමට ලංකාවේ මුදල් අවශ්‍ය වෙනවා. අපිට මේ මොහොතේ අවශ්‍ය රුපියල් ටික නැහැ මීට වඩා තෙල් මිලදීගැනීම සඳහා. ඒ හින්දා අපි ඉතාමත් පැහැදිළිවම ඒ ගැන දැනුවත්කළා.”

ප්‍රශ්නය – අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීමේ සූදානමක් තියෙනවාද ?

“එහෙම ඉල්ලීම් තියෙනවා නමුත් ඒ ගැන අපි තීරණයක් අරගෙන නැහැ. ශ්‍රී ලංකාවේ තෙල් ඉල්ලීම 40%කින් විතර පහළ බැහැලා තියෙනවා. ඒ ඉල්ලීමට සරිලන මුදල් තමයි අපි සපයා ගන්නේ. නැවත මේක වැඩිකරනවානම් රුපියල් අවශ්‍ය වෙනවා. ඒ හින්දා මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රායෝගික ප්‍රශ්න ටික තේරුම් ගනියි කියලා.”

Related posts

“සාරියට මුවා වෙලා ජනතා හඩ යටපත් කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ“ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

උද්දික ඉල්ලා අස්වෙයි

Admin

ETCA අත්සන් කර, දකුණු ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කළාපයක් – අගමැති ඉන්දියාවේදී යෝජනා කරයි

colombotoday

පාකිස්ථාන් ජෙට් ගනුදෙනුව නවතී.. ඉන්දියානු යානා ගන්නැයි බලකරන්න ඉන්දීය ලොක්කෙක් ලංකාවට !

colombotoday

ලසන්ත ඝාතනය ගෝඨ පටලවන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්ධවම සාක්ෂි දී ගනී

colombotoday

ජනපති ආදර්ශක් වෙමින් සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කරයි

colombotoday