Colombo Today Local News

ලිඳුල නගර සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

තලවකැලේ, ලිඳුල නගර සභාවේ සභාපතිවරයා සිය ධූරයෙන් පහකිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත්වී තිබු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් පසු ආණ්ඩුකාරවරයා විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

තලවකැලේ, ලිඳුල සභාපති අශෝක සේපාල මහතාට එරෙහිව එම සභාවේම මන්ත්‍රීවරයෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ලට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් එක් පුද්ගල කොමිසම් සභාවක් පත්කළ අතර එම වාර්තාවට අනුව සභාපතිවරයා නගර සභා ආඥා පනතට පටහැනිව කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව පසුගිය 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තලවකැලේ, ලිඳුල නගර සභාවේ සභාපතිවරයා සිය ධුරයෙන් පහකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසිමේ ආඥා පනත යටතේ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට සහ තලවකැලේ ලිඳුල නගර සභාවේ ලේකම්වරයාට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් නියෝග කර තිබේ.

Related posts

පොල්පිතිගම සමූපකාර ඡන්දයෙන් ජවිපෙට දැවැන්ත ජයක්.. 2/3 ඉක්මවා 3/4ට ආසන්නයි..

Admin

කථානායක හා පක්ෂ නායකයන් රැස්වෙයි… අද පාර්ලිමේන්තු කටයුතු ගැන තීරණයක් ගනී…

colombotoday

මහ බැංකුවෙන් උතුරට උපරිම සේවයක්

colombotoday

ගෝඨාභය දින්නොත් අපේ ඉල්ලීම් කීයටවත්ම ලැබෙන්නෑ… සජිත් දිනවා අපට නියත බලයක් ලබාගමු – සම්බන්ධන්

colombotoday

“මෛත්‍රීගේ ප්‍රකාශය මටනම් පුදුමයක්.. පහුවෙලා හරි තේරුණානම් ලොකු දෙයක්“ – හිටපු ජනපති

colombotoday

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday