Colombo Today Local News

පොල්පිතිගම සමූපකාර ඡන්දයෙන් ජවිපෙට දැවැන්ත ජයක්.. 2/3 ඉක්මවා 3/4ට ආසන්නයි..

පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතියට මහා සභා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජනතා විමුක්ති පෙරමුණ තුනෙන් දෙක ඉක්මවූ ජයග්‍රහණයක් අත් කරගෙන තිබේ.

සභිකයින් එකසිය තිස් දෙනෙකු තෝරාගැනීමට කොට්ඨාස තිහක් සඳහා මෙම නිළවරණය පැවැත්වින.

එක්සත් ජාතික පක්ෂ හැර අනෙක් සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂවල අනුග්‍රහය ලබන කණ්ඩායම් මේ සඳහා ඉදිරිපත් වූහ.

ජනතා විමුක්ති පෙරමුණේ සහාය වන කණ්ඩායම් කොට්ඨාස 25 ක් සඳහා ඉදිරිපත් කර තිබූ අතර ඉන් කොට්ඨාස 23 කම ජයග්‍රහණයක් ඔවුන් විසින් අත්පත් කරගෙන තිබිණි.

සමස්ත ප්‍රතිඵලය තුළ නියෝජිතයන් 130න් 94ක්ම ජනතා විමුක්ති පෙරමුණද, සමගි ජන බලවේගය 20ක් සහ පොදුජන පෙරමුණෙන් 16ක් ලෙස බෙදී ගොස් තිබිණි.

Related posts

එජාප සමුළුවට ආ ඉතිහාසගත ජන ගංගාව දැක, ගම්මන්පිලට, වීරවංශට තරු පෙනිලා

colombotoday

වෙසක් සැරසිලි වලට මුවා වී එන ඉන්දියානු අදුරු සෙවණැලි ගැන ඥාණසාර හිමි අනතුරු අගවයි

colombotoday

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

අළුත්වැඩියා කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් ගැන ප්‍රශ්නයක් : කරාපිටියේ සී.ටී ස්කෑන් නවතී

Admin

රන්ජන්ට බන්ධනාගාරයේ විශේෂ වරප්‍රසාද. | වෙනම රූපවාහිනියක්, විදුලි පංකාවක්, මෙට්ටයක් හා වැසිකිළියක් ලබා දීලා.

colombotoday

අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් අපවත් වෙති

Admin