Covid 19

කොවිඩ් ආසාදිත මවක් නිවුන් දරුවන් බිහිකරයි

කොවිඩ් ආසාදිත වයස අවුරුදු 23ක මවක් මුල්ලේරියා රෝහලේදී නිවුන් දරුවන් බිහිකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශයක සිට කොළඹ ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කළ මෙම මවට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව රෝහලට මාරුකර යවා ඇත.‍

ඇය දියවැඩියාවෙන් සහ අධිරුධිර පීඩනයෙන් පෙළුණ බැවින් සිසේරියන් සැත්කමක් මගින් දරුවන් බිහිකළ බව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ සඳහන් කළේ.

මෙම දරුවන් දෙදෙනා අඩුබරකින් උපත ලැබීම හේතුවෙන් නොමේරූ ළදරු ඒකකයක රැඳවිය යුතු නමුත් මුල්ලේරියා රෝහලේ නොමේරු ළදරු ඒකකයක් නොමැති වීමෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වූ බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටිනවා.

රෝහලේ විශේෂිත ස්ථානයක රඳවා අඩුබර දරුවන් දෙදෙනා රැකබලාගත් අතර කාසල් වීදීයේ කාන්තා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන්කුමාර ප්‍රමුඛ කණ්ඩායමක් පැමිණ ළදරුවන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සොයා බැලූ බව ද වෛද්‍ය මයුරමාන සඳහන් කරයි.

මේ වන විට නිවුන් දරුවන් දෙදෙනා මවට බාරදී ඇති අතර දරුවන්ගේ බර සම්පූර්ණ වන තෙක් තවදුරටත් රෝහලේ රඳවාගැනීමට සිදුවන බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

මුල්ලේරියාව රෝහලට නොමේරු ළදරු ඒකකයක් ලබා දෙන මෙන් වසරක පමණ කාලයක් පුරා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළද මේ වන තෙක් එයට නිසි විසඳුමක් නොලැබුණු බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

ඉතාමත් අවම පහසුකම් යටතේ වුව කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන්‌ රැකබලාගැනීමටත් අවශ්‍ය වුවහොත් දරු ප්‍රසූතිය මෙම රෝහලේම සිදුකිරීමට ඉඩලබා දීමටත් කටයුතු කරන බව වෛද්‍ය මයුරමාන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මේ වන විට කොවිඩ් ආසාදිත මව්වරුන් 170ක්ම රෝහලේ ප්‍රතිකාර ලබා ඇත. ඉන් මව්වරුන් 11 දෙනකුට සිසේරියන් සැත්කම් සිදුකර තිබේ.

Related posts

සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 100 දක්වා ඉහලට

colombotoday

ශ්‍රී ලංකාවේ හිරවී සිටින තම පුරවැසියන් රැගෙන යාමට රුසියාව සහ ස්විට්සර්ලන්තය ගුවන් යානා 3ක් එවයි

colombotoday

බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු කරාපිටියේ කොරෝනා වාට්ටුවට

colombotoday

සහකාර ධීවර අධ්‍යක්ෂ කොවිඩ් ආසාදනය වී මිය යයි

colombotoday