Covid 19

පාසල් සිසුවියකට කොරෝනා

නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

පීසීආර් පරීක්ෂණයෙන් සිසුවිය ආසාදිත බවට තහවුරු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඇය පැනිදෙණිය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත.

නාවලපිටිය නගරයේ වෙළෙඳසැළක සේවය කළ ආසාදිත පුද්ගලයෙකුගේ දියණියට මෙලෙස ‍කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

පාසල් සිසුවියට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඇයගේ පාසලේ ගුරුවරු 4ක් හා සිසුවියන් 16 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇත.

එම පාසල විෂබීජහරණයට ලක්කිරීමට කටයුතු කළ බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසීය.

Related posts

අද තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ. සම්පුර්ණ රෝගීන් සංක්‍යාව 107 දක්වා ඉහලට

colombotoday

තවත් ආසාදිතයින් 458ක්

colombotoday

ඊයේ පුත්තලමේදී හමුවූ කොරෝනා ආසාදිතයින් 10 ක් අයි ඩී එච් රෝහලට

colombotoday

වෛද්‍ය සිසුවෙකුටත් ඩෙල්ටා ආසාදනය වෙයි

colombotoday

පෝලන්ත ජනපතිටත් කොරෝනා

colombotoday

“කිරි දෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසුයි” – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

colombotoday