Colombo Today Local News

මැනිං වෙළෙඳුන් ආරම්භ කල උපවාසය අවසන්

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ට අයත් වෙළඳසැල් නිසි ලෙස ලබා දෙන ලෙසට බලකරමින් එම ව්‍යාපාරික ප්‍රජාව ආරම්භ කළ උපවාසය අද (11)දින දහවල් අවසන් කර තිබේ.

ඒ උපවාසයේ නිරත මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් කිහිප දෙනෙකුට විෂයභාර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවීමත් සමගය.

පසුගියදා විවෘත කෙරුණු පෑලියගොඩ මැනිං වෙළෙදපොළ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ට අයත් වෙළඳසල් නිසි ලෙස ලබා දෙන ලෙසට බලකරමින් මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරික ප්‍රජාව ඊයේ (10)දින කොටුවේ දී උපවාසයක් ආරම්භ කළේය.

කෙසේ වෙතත් අද පැවති සාකච්ජාවේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කර ඇත්තේ,

“මැනිං වෙළෙඳපොලේ දැනට සිටින සෑම වෙළෙඳෙකුටම අලුත් වෙළෙඳපොලේ ඉඩ ලැබෙන්න ඕනෙ. කිසිකෙනෙකුට කඩයක් නොලැබී යන්නට බැහැ. ව්‍යාපාරය කරන කෙනෙකුට. දෙවැනි කාරණය තමයි මේ වෙළෙඳපොලේ සිටින සෑම කෙනෙකුටම තමුන් දැනට සිටින ඉඩ ප‍්‍රමාණයට වඩා වැඩි ඉඩ ප‍්‍රමාණයක් ලැබෙන්නට ඕනේ කියන එක. එතකොට ඒ කඩ වෙන්කිරීමේදී පහුගිය දවස්වල මේ ව්‍යපාරික ප‍්‍රජාව ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා කරලා මාව දැනුවත් කළා. ඒ අනුව ඔවුන් සමගත් සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහසුත් අරගෙන අපිට පුළුවන් වුණා ඉතාමත්ම ප‍්‍රායෝගිකව විසඳුමකට එන්නට. ඒ නිසා මම මේ වෙලාවේ මම ස්තූතිවන්නත වෙනවා මැනිං වෙළෙඳපොලේ මේ ව්‍යාපාරික මහතුන්ට අපිට සහයෝගය දුන්න එකට.“ යනුවෙනි.

Related posts

අධි ආරක්ෂිත කළාපය මහජනයා සඳහා විවෘත වෙයි

colombotoday

මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවතනු.. මහනුවර නාගරික කොමසාරිස් ලිඛිතව දන්වයි

colombotoday

ලාංකිකයන්ට ජපානයෙන් තවත් රැකියා අවස්ථා

Admin

වයස 24 තරුණියගේ බූරු පොලේ බූරු ගැසූ 7ක් නිරෝධායනයට

colombotoday

“එජාපය අනාගමිකයි.. සංහිඳියා වැඩපිළිවෙළ අඩපණ කළොත් වැඩ වරදී“ – එජාපයෙන් නිවේදනයක්

colombotoday

යාපනයේදී පොලිස් ජිප් රථයක් හොරු අරන්

colombotoday