Colombo Today Local News

හිස්බුල්ලාට සෞදියෙන් කෝටි 300කට වැඩි මුදලක් ලැබුනේ කෙසේද? විධිමත් පරීක්ෂණයක් කරන්න. පාර්ලිමේන්තු කාරක සභාවෙන් නිර්දේශ

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ.එම්.එල්. හිස්බුල්ලා මහතාගේ බැටික්ලෝ කැම්පස් ආයතනයට (Batticaloa Campus (Pvt) Ltd) සෞදි අරාබියෙන් රුපියල් කෝටි 300කට වැඩි මුදලක් ලැබුණු ආකාරය බරපතළ සැක කටයුතු හෙයින් විදේශ කටයුතු අමාත්‍යාංශය සවුදි අරාබි තානාපති කාර්යාලයේ ද සහාය ලබාගෙන ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර එහි ඇත්ත නැත්ත වහාම හෙළි කර ගත යුතු බව එම ආයතනය ගැන විමර්ශන පැවැත්වූ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව රජයට නිර්දේශ කර ඇත. 

මෙම නිර්දේශය කරනු ලැබ ඇත්තේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ නිරීක්ෂණ වාර්තාව මගිනි.

සවුදි අරාබියේ ෂෙයික්අල් රෂාඞ් අබ්දුල්අෂිස්, සෙයික් හලීඞ් ඩාවුඩි, අබු සාලිත්, ෂෙයික් ෆෙරාස් නෂීර්, ෂෙයික් ලිමාන් අලිඅල් ජුෆාලි හා ෂෙයික්අලි අබ්දුල්ලා අල් ජුෆාරී යන පුද්ගලයන්ගෙන් මෙම මුදල් අවස්ථා හතරක දී පොලී රහිත ණය මුදල් වශයෙන් ලබාගත් බවට හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර ඇතත් ඔහු ඒ ණය මුදල් පිළිඳව ලංකා බැංකුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ කිසිදු ආකාරයකින් දැනුම්වත් කර නැතැයි ද එම නිරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි. 

බැටික්ලෝ කැම්පස් ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා ඔහුගේ පුත් අහමඞ් හිරාස් හිස්බුල්ලා යන මහත්වරුන් සෞදියෙන් ලැබුණු මෙම මුදල් පිළිබඳව කරන ප්‍රකාශ එකිනෙකට පරස්පර බව පෙනී යන්නේ යැයි පවසන අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විදේශ මුදල්වලට අමතරව මෙරටින් ද රුපියල් කෝටි 70 ක පමණ මුදලක් බැටික්ලෝ කැම්පස් ආයතනයට වරින්වර ලැබී ඇතැයි ද සඳහන් කරයි.

මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනයට නීත්‍යානුකූලව දී තිබූ අක්කර 35ට අමතරව අක්කර අටක භූමි ප්‍රදේශයක් නීත්‍යානුකූල නොවන ආකාරයට අත්පත් කරගෙන අනවසර ගොඩනැගිලි ඉදිකර ඇති බවටත් තවත් අක්කර 15ක් විවිධ ඉදිකිරීම් සඳහ හෙළි පෙහෙළි කර තිබූ බවටත් නිරික්ෂණය වී යැයි කාරක සභා වාර්තාව පෙන්වා දෙයි. 

ප්‍රදේශයේ පිහිටීම හා දේශගුණික තත්ත්වය අනුව මෙම ආයතනය අධ්‍යාපන ආයතනයක් ලෙස මේ ස්ථානයේ පවත්වගෙන යෑම නුසුදුසු මෙන්ම ඉතා අසීරු බව ද සඳහන් කරයි. 

මෙම ආයතනය බිහි කිරීමේ අරමුණ ෂරියා නීතියට අදාළ උලමාවරුන් බිහි කිරීම බවට සැක පහළ වන බවත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා දෙමළ සභාවෙන් කලකට පෙර දී කළ ප්‍රකාශයකින් ද ඒ බව තහවුරු වන බවත් ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දැක්වෙයි. 

මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසා ඇති හෙයින් ඒ පිළිබඳ වාර්තාව ද ඉදිරි කාලයේ දී ලැබීමට නියමිතව ඇතැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කරයි. 

Related posts

මෛත්‍රී ක්‍රියාවෙන්ම ජනපති වෙන්න යයි.. ඉදිරිය තීරණාත්මකයි, ප්‍රබල තීන්දු රැසක් ගන්න යයි !

colombotoday

ගෝඨාභය ජනාධිපතිවරණයට එන බවක් මහින්ද කිව්වේ නැතිලු

colombotoday

මත් කුඩු උවදුර අතුගා දැමිය හැකි එකම පුද්ගලයා ගෝඨාභයයි !

colombotoday

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිඳු තවත් ඉදිරියට

colombotoday

ඉන්දියාව හැදූ ලොකුම යුධ නැව ශ්‍රී ලංකාව මිළ දී ගනී !

colombotoday

විදුලි බිලට එරෙහි විරෝධතාවලට එරෙහිව කටයුතු කරනවා – ඇමති කංචන කියයි

Admin