Colombo Today Local News

මෛත්‍රී ක්‍රියාවෙන්ම ජනපති වෙන්න යයි.. ඉදිරිය තීරණාත්මකයි, ප්‍රබල තීන්දු රැසක් ගන්න යයි !

දේශපාලන සහ ආර්ථික වශයෙන් වැදගත් හා ශක්තිමත් තීන්දු කිහිපයක් ජනාධිපතිවරයා විසින් ඉදිරි සති කිහිපය ඇතුළත දී ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වසර දෙකක් පුරා හැමදේටම ඉඩ දී තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වරූපය පවත්වාගෙන ගිය නමුත් ඉදිරි වසර හතර ඇතුළත දී හෝ තමන් භාරගත් වගකීම ඉටුකළ යුතු නිසා මෙම තීන්දු ගන්නා බව ද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

මෙම තීරණ සමහරුන්ට තිත්ත වීමටත්, සමහරුන්ට හොඳ වීමටත් හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍ය මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රටේ අනාගතය යහපත් කිරීම, රජය ස්ථාවර කිරීම, දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීම මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරත්වය ඇතිකරගැනීම මෙම තීන්දු තීරණවල බලාපොරොත්තු වන බව කී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය වසර දෙක තුළ සතුටු විය හැකි මෙන්ම සතුටු විය නොහැකි කාරණා ද සිදුවී ඇතැයි සඳහන් කළේය.

Related posts

ගැබිනි මව්වරුන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළට – වහාම එන්නත් ලබා ගන්නැයි උපදෙස්

colombotoday

පයාගල පොලිසියේ 10ක් ආහාර විෂ වී රෝහලට

Admin

බෙහෙත් ගන්න ගිය කතට දොස්තර අතවර කරලා…

Admin

‘ඩෙල්ටා ප්ලස්’ නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුල්වීමේ වැඩි ප්‍රවණතාවක්

colombotoday

ප්‍රමාද වූ රස පරීක්ෂක වාර්තා මාස 06 ක් ඇතුළත

Admin

නාග විහාරාධිපති නාහිමිගේ ආදාහනය සහ යාපනයේ අළු යට ගිනි පුපුරු

colombotoday