Colombo Today Local News

LTTE යුද අපරාධ කළ බවට සාක්ෂි සහිතව පළමු නඩුව විභාග වෙයි

2009 වසරේ යුද සිරකරුවන් ලෙස එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවේ සිටි නාවික හමුදා සහ යුද හමුදා සෙබලූන් 26 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් තිදෙනකුට අධිචෝදනා භාරදීම අද (24දා) වවුනියාව මහධිකරණයේදී සිදුවිය. 

මෙලෙස අධිචෝදනා ලැබුවේ හිටපු එල්.ටි.ටි.ඊ බුද්ධි සාමාජිකයින් වන මදීඅරසන් සුලක්ෂන් , ගනේෂන් දර්ශන් සහ සිවතුරෙයි සිවරූබන් නැමති වවුනියාව හා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

2009 ජනවාරි 16 වනදා හෝ ඊට ආසන්න දිනයකදී සැකකාර හිටපු LTTE බුද්ධි සාමාජිකයින් තිදෙනා ඇතුළු පිරිසක් විසින් අත්අඩංගුවේ සිටි සෙබලුන් 26 දෙනා මුලතිව් විශ්වමඩු , වල්ලිපුනම් හි රහසිගත බුද්ධි කඳවුරකදී වෙඩිතබා ඝාතනය කොට සීනි සහ පෙට්‍රල් යොදා සිරුරු ගිනිතබා තිබූ බව ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දනුම් දුන්නේය.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යුද අපරාධ සිදුකළ බවට සාක්ෂි සහිතව ඉදිරිපත් කළ ප්‍රථම නඩුව  මෙය වන බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා පෙන්වාදුන්නේය. නඩු විභාගය නැවත හෙට 25  දිනයේ කැඳවීමට නියමිත බවටද ත්‍රස්ත විමර්ශන ඒකකය දැනුම් දෙනු ලැබීය.

Related posts

කොරෝනාවෙන් පිඩාවට පත් ජනතාවට සහනයක් දෙන්න : විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

colombotoday

තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහළ යා හැකි..

colombotoday

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday

කොවිඩ් ඇතුළු වූ සුරාබදු දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය වසයි

colombotoday

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි නීතිපති නැවතත් කියයි !

colombotoday

කොවිඩ් නිසා නිවසක සිරවී දින ගණනක් කුසගින්නේ විලාප නගමින් සිටි ජිවිත 37ක්

colombotoday