Colombo Today Local News

හමුදා, පොලිස් 200 කට අධික පිරිසක් කිලිනොච්චියේ නිවාස 400ක් හදීසි සොදිසි පරික්ෂාවකට

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කලු කොටි දිනය ඊයේ (05) දිනට යෙදීමත් විවිධ වූ සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලැබීමත් හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයක යුදහමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදීසි සොදිසි මෙහෙයුමක් දියත් කරන ලදි.

කණ්ඩාවලෙයි, ධර්මපුරම් ආදි ප්‍රදේශයන්හි පිහිටි නිවාස 400 කට අධික ප්‍රමාණයක් මෙහිදී හදීසි සොදිසි පරික්ෂාවකට ලක් කල අතර එහිදී සැකකටයුතු පුද්ගලයෙකු පොලිස් භාරයට ගනු ලැබීය.

කෙසේ වෙතත් සිදු කරන ලද සෝදිසි පරික්ෂාවන් වලදී ආයුද හෝ කිසිවක් හමු නොවී ඇති අතර ඉදිරියේද සැකකටයුතු ප්‍රදේශයන්හි එවැනි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවට ආරක්ෂක අංශ පවසයි.

කිලිනොච්චියේ කිසිදු ත්‍රස්ත ක්‍රියාකාරකමක් හෝ එවැනි දේකට අනුබල දීමක් හෝ සිදුකරනු ලබන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වූ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවටද ආරක්ෂක අංශ වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

තායිලන්තයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයි

Admin

මහින්ද ජයසිංහ ජනතා විමුක්ති පෙරමුණේ. – සංගම් හදලා බලය ලබා ගන්න පාර කපා ගන්නවා | පූජ්‍ය උලපනේ සුමංගල හිමි

colombotoday

ජපාන යුද නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday

කඩුගන්නාව නගරසභාවේ සභාපතිට ඇප

colombotoday

හිටපු කොමිසමේ ලොක්කි ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන ලෙස අගමැති ජනපතිගෙන් ඉල්ලලා

colombotoday