Colombo Today Local News

කඩුගන්නාව නගරසභාවේ සභාපතිට ඇප

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කඩුගන්නාව නගරසභාවේ සභාපති අමිල වේරගොඩ මහතා රුපියල් 20,000/ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (25)දින නියෝග කර ඇත.

සැකකරු කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නගරාධිපති ලෙසට සදහන් කරමින් කූඨ ලේඛනයක් සකස් කර එය ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කර ඇත.

මෙම සැකකරු එල් ටී ටී ඊ සාමාජිකයන්ගේ බිරින්දෑවරු විදෙස් රටවලට රැගෙන ගිය බවට තොරතුරු අනාවරණය වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලැබී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ, මෙම සැකකරු සම්බන්ධයෙන් එවන් සිද්ධියක් පිළිබදව අනාවරණය වේ නම් ඒ පිළිබදව අධිකරණය හමුවේ වෙනම නඩුවක් ගොනුකර ඉදිරි පියවර ගන්නා ලෙසයි.

Related posts

විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් රැගෙන එයි

colombotoday

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 8කින් නිදහස්

colombotoday

කන්දකාඩුවෙන් පැන ගිය රැඳවියෙක් මරුට

Admin

සියලු හොරුන්ට නොදෙවෙනි යහපාලන “සුපිරි හොර දෙටුවා“ සම්මානය මලික් සමරවික්‍රමට (Video)

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

Admin

සපුගස්කන්ද මත්ද්‍රව්‍ය ජාවාරමට ගෑවුණු CCD නිලධාරියා අතුරුදන්

colombotoday