Colombo Today Local News

රන්ජන් රාමනායකට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඉතිහාස ගත වන නඩුවක් වන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියයි

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කිරීමට තීරණය කළේ. ඔහු විසින් සිදුකර තිබු ප්‍රකාශයෙන් බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සියලුදෙනා තීරණය කිරීමෙන් අනතුරුව බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල අද (06)දින කැඳවු අවස්ථාවේදී වාචික දේශන ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සපයන ඉතිහාස ගත නඩුවක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව පවසා ඇත.

වීනිසුරුවරු දූෂිතයැයි තමා විසින් ප්‍රකාශ කළේ වැරදීමකින් බව මූලින් වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබුණද පසුව ඔහු එම ස්ථාවරය වෙනස් කරමින් තමා විසින් ප්‍රකාශ කළ කරුණු සත්‍ය බවට අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පිළිගෙන තිබුණේයෑයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම නඩු කටයුත්ත ආරම්භ කිරීමෙන් පසුව අවස්ථා හතරකදී වගඋත්තරකරු මෙම අධිකරණය සංකීර්ණය ඉදිරිපිට දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්, මෙරට අධිකරණ පද්ධතිය විවේචනය කරමින් කරුණු දක්වා තිබූ බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම ප්‍රකාශ තුළින් ඔහු මෙම නඩුවට පාදක‍වන ප්‍රශ්න ගත ප්‍රකාශය තවදුරටත් තහවුරු කර ඇතැයිද සඳහන් කළේය.ඉන් අනතුරුව වැඩිදුර දේශන ලබන 16 වනදා දක්වා කල් තබා ඇත.

2018 වසරේ අගෝස්තු මස 21 වන දා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය තුළින් ඔහු මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ හැරීමට ක්‍රියා කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් වන සුනිල් පෙරේරා යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිලි පදනම් කරගෙන නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

Related posts

නැගෙනහිර මහඇමතිට පනවා තිබූ තහනමක් ඉවතට.. නාවික කඳවුරුවලට ඇතුල්වීමට අවසර දෙයි

colombotoday

රාජ්‍ය මාධ්‍යයෙන් ඉස්ලාම් අන්තවාදය වපුරන බව ඇමතිත් පිළිගනී !

colombotoday

ඒකාබද්ධයේ අයට අලුත් පක්ෂය තහනම්.. ගියොත් මන්ත්‍රීකමත් අහෝසියි !

colombotoday

උපෙළ වෘත්තීය විෂය හදාරන සිසුන්ට රු 500ක දෛනික දීමනාවක්

colombotoday

රිමාන්ඩ් නාකොටික් නිලධාරීන්, ජාවාරම්කරුවන් සමග එක්වී මුහුදෙන් හෙරොයින් තොග පිටින් මෙරටට ගෙන්වලා

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday