Colombo Today Local News

සුදු වෑන් සිද්ධිය – CD තැටි කොළඹ මහාධිකරණයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව නොවැම්බර් මස 12 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (22) දින ලබා දුන්නා.

ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන් වෙත අධි චෝදනා කොළඹ මහාධිකරණය මීට පෙර භාර දෙන ලදි.

අද මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවූ අතර සිද්ධියට අදාළ CD තැටි මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොළඹ මහාධිකරණය වෙත භාර කරන ලදි.

මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනාපත්‍ර ගොනු කර තිබුණා.

ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහය යටතේ බොරු සාක්ෂි නිර්මාණය, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී අධිචෝදනා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර තිබෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නීතිපතිවරයා විසින් නම් කර තිබෙනවා.

Related posts

කාණ්ඩ 12ක් යටතේ සිදු කල ජල ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

colombotoday

ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි අරඹන්න ලෝක ආහාර වැඩසටහනෙන් ආධාර

colombotoday

මැතිවරණයක් අත ලග ? මූලික සංවිධාන වැඩ ඇරඹීමට මැතිවරණ කොමිෂමෙන් තීරණයක්

colombotoday

නිදහස ලැබූ ඥාණසාර හිමිට නිදහසක් නෑ – අදත් නඩු තුනක් විභාගයට – එක් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

colombotoday

දේශපාලනඥයන්ගේ සහාය ඇතිව පාතාලයන් කොළඹ තෙත් බිම් වර්ග කිලෝමීටර් 400ක් ගොඩ කරලා

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව සිසුන්ට දැනුම්දීමක්

colombotoday