Colombo Today Local Newsfeatured

නිදහස ලැබූ ඥාණසාර හිමිට නිදහසක් නෑ – අදත් නඩු තුනක් විභාගයට – එක් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

අධිකරණයට අපහාස කෙරූ බවට චෝදනා එල්ල කරමින් වසර හයක සිරදඬුවමක් විදිමින් සිටි බොදුබලසේනා සංවිධානයේ මහලේකම්, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විරුද්දව නඩු තුනක් අද(29) දින කැඳවීමට නියමිතව ඇත.

තීන්දුව කොළඹ මහාධිකරණයෙන්

තලාහේන යාඥා මධ්‍යස්ථානයට පහර දුන් බවට චෝදනා කරමින් ඥානසාර හිමි ඇතුළු තවත් වගත් වගඋත්තර කරුවන් කිහිප දෙනකුට විරුද්ධව ගොනු කර තිබූ මෙම නඩුවෙන් මීට ඉහතදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු සියලුම වගඋත්තරකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කරන ලදී. කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර එහි තීන්දුව අද දින කොළඹ මහාධිකරණයේදී කියවීමට නියමිතව ඇත.

මාධ්‍ය හමුවට බලෙන් ඇතුළු වීම

2014 වසරේ අප්‍රේල් 9 වනදා වටරැක විජිත හිමි සහ මුස්ලිම් පාර්ශවයක් විසින් කොළඹ නිපොන් හෝටලය කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට බලෙන් ඇතුළු වීම යන චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි සහ තවත් වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව නඩුවක් නඩුවක් අද දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව ඇත.

“අල්-ටකියා” විග්‍රහ කිරීමෙන් කුරනයට අපහාස කිරීම

එදිනම නිපොන් හෝටලයේදී ඉස්ලාම් ආගමේ එන “අල්-ටකියා” පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීම තුළින් ඉස්ලාම් ආගමට අපහාසයක් සහ ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට ඥානසාර හිමි කටයුතු කර ඇති බවට චෝදනා කරමින් තවත් නඩුවක් ොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දින කැඳවීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මහාධිකරණ නඩුවක් සහ මහේස්ත්‍රාත් අධිකරනයේ නඩුවක් එකම දිනයේ දී පවතින අවස්ථාවකදී මහාධිකරණයේ පෙනී සිටීම කළ යුතු බැවින් අද දින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නොවී කොළඹ මහාධිකරණයට ඉදිරිපත් වීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩුවේ සිදුවීමට අදාළ දර්ශන

https://www.youtube.com/watch?v=IdjdYVXgpqk

Related posts

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

colombotoday

රත්නපුරටත් අධිවේගයක්.. අරමුදල් චීනයෙන්

colombotoday

දෙල්කඳ දී පොලිසියට තග දැමූ පුද්ගලයා අත්අඩංගුවට

Admin

චතුර ප්‍රේක්ෂකාගාරය කුල්මත් කරයි.. යුද්ධය දිනන්න උදව්කළ හැටි හෙළිකරයි (Video)

colombotoday

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දිවයිනට

Admin

ජනපතිගේ සර්වපාක්ෂික සමුළුවට සජබත් එයි

Admin