Colombo Today Local News

මැතිවරණයක් අත ලග ? මූලික සංවිධාන වැඩ ඇරඹීමට මැතිවරණ කොමිෂමෙන් තීරණයක්

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමට නියමිත බැවින් එම ඡන්ද විමසීම පැවැත්වීමේ ව්‍යස්ථාපිත කටයුතුවල මූලික සංවිධාන වැඩ ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස සියලුම දිස්ත්‍රික් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (23)දින තීරණය කර ඇත.

පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ (2022) පෙබරවාරි 10 අවසන්වීමට නියමිතය. ඒ අනුව අදාළ ආකෘති පත්‍ර සකස් කිරීම, නිලධාරි හා වාහන සංගණන කටයුතු,ඡන්ද මධ්‍යස්ථාන හඳුනාගෙන ඒවායේ අඩුපාඩු හඳුනාගැනීම ඇතුළු කටයුතු ආරම්භ කරන ලෙස දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට දැනුම් දීමට කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කරයි.

එමෙන්ම,මේ වසරේ (2021) ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවුණ අය සිටීනම් ඒ සම්බන්ධ තොරතුරු දෙසැම්බර් මස 03 වැනිදාට පෙර මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට දැනුම් දීමට ද එම කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Related posts

රනිල්ගේ එජාප නායකත්වයටත් තට්ටු වෙයි… වෙනත් නායකයෙක් යටතේ එජාපය එන මැතිවරණයට…

colombotoday

කොට්ටාව සිට පිටකොටුව දක්වා පරිසර හිතකාමී Site Hanging Car System ප්‍රවාහන සේවයක්

colombotoday

සේනක බටගොඩ මහතා අභවප්‍රාප්ත වේ

Admin

ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ සිසුවා මිය යයි

Admin

කෝටියක කුඩුත් එක්‌ක පකිස්‌තානු ජාතිකයා සුරාබදු දැලේ – අවුරුදු 17ක්‌ කුඩු විකුනලා

colombotoday

“නව ව්‍යවස්ථාවෙන් මීට වඩා බලය බෙදීමක් ලැබේවි“ – සම්බන්ධන්

colombotoday