Colombo Today Local News

පූජිත් ඔයා මේ එන්.ටී.ජේ සහරාන් ගැන මීට පස්සේ සොයන්න එපා – හිටපු ජනපති මෛත්‍රී පැවසු බව හේමසිරි කියයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්ෂි දීමට සවන්දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22)දින පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමට පැමිණියේ ය.

මේ අතර පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල වීමට පෙර සහරාන් හෂීම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ඉවත් කර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට භාරදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආරක්ෂක කවුන්සලයේ දී කටයුතු කර තිබු බව ඊයේ (21)දින අනාවරණය විය.

ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ පස්වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මීට පෙර සාක්ෂි ලබාදීමේ දී සඳහන් කර සිටියේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහු අතර පැවති විරසකය ආරම්භ වුයේ කුමන කාලවකවානුවක දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඊයේ ප්‍රශ්න කළා ය.

ඉකුත් වසරේ ජනවාරි මාසයේ දී පමණ එම විරසකය හටගත් අතර විවිධ පාර්ශව තමා සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ජනාධිපතිවරයාට පැවසීම මෙම විරසකය දිනෙන් දින වර්ධනය වීමට හේතු වූ බව හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ ය.

අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඉකුත් වසරේ පාස්කු ඉරුදිනට පෙර පැවැත්වීමට නියමිතව තිබූ අවසන් බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම අප්‍රේල් 16 අඟහරුවාදා දින ඔබේ ප්‍රධානත්වයෙන් පැවැත්වූවාදැයි ඒ මහතාගෙන් ප්‍රශ්න කළා ය.

” නැහැ. අවුරුදු සමය නිසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු බොහෝ පාර්ශව නිවාඩු ඉල්ලුම් කර තිබුණා. ඒ නිසා එම රැස්වීම පැවැත්වුණේ නෑ. අනික අඟහරුවාදා බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි කියලා නියමයක් තිබුණේ නැහැ. සමහර වෙලාවට ඒ රැස්වීම විනාඩි 5න් අවසන් වෙනවා. සමහර වෙලාවට පැවැත්වූවේම නැහැ. ” යැයි හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිතුරු ලබාදුන්නා.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ” ඔබතුමා පිළිවෙළක් ඇතුව වැඩකළේ නැහැ කියලා මම යෝජනා කළොත් එය පිළිගන්නවා ද ” යනුවෙන් විමසුවා ය.

” මං ඒක ප්‍රතික්ෂේප කරනවා. රාජ්‍ය බුද්ධි සේවය නිසිලෙස බුද්ධි තොරතුරු ඉදිරිපත් කළේ නැහැ. පාස්කු ප්‍රහාරයට පෙර පැවති අවසන් බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමෙදිවත් නිලන්ත ඒ වෙද්දි ලැබී තිබුණ තොරතුර ගැන කතා කළේ නැහැ. සහරාන් සම්බන්ධයෙන් විමර්ශන භාර වෙලා තිබුණේ ඔහුට. ඉතින් ඔහුයි ඒ ගැන කියන්න ඕනෙ අපිට. මා දන්නා පරිදි සහරාන් සම්බන්ධයෙන් වූ විමර්ශන ජනාධිපතිවරයා නිලන්තට ලිඛිතව භාර දී තිබුණා. ” යැයි එවිට හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ය.

මෙහිදි ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයා ” ඔබ කොහොමද කියන්නේ ජනාධිපතිවරයා විසින් නිලන්ත ජයවර්ධන මහත්මයාට ඒ කටයුතු භාර දී තිබුණා කියලා. එක ඔප්පු කරන්න පුළුවන් ද ? ” යනුවෙන් විමසුවා ය.

” ඔව් ස්වාමීනි මට ඒක ඔප්පු කරන්න පුළුවන්. මට මේ සිද්ධිය කිව්වේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහත්මයා. මොකද මම ඒ කාලේ ආරක්ෂක ලේකම් නොවෙයි. 2018 අවුරුද්දේ පැවති ජාතික ආරක්ෂක කවුන්සල රැස්වීමක දී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කියා තිබුණා,’ පූජිත් ඔයා මේ එන්. ටී. ජේ සහරාන් ගැන මීට පස්සේ සොයන්න එපා. ඒ ගැන සම්පූර්ණ විමර්ශන නිලන්තට භාර දෙන්න ‘ කියලා. එතනින් එහාට නිලන්ත ජයවර්ධන තමයි සහරාන් සම්බන්ධයෙන් සියලු විමර්ශන කළේ ස්වාමීනි. ” යැයි හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

එහිදි ජනාධිපති කොමිසමේ සාමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසුවේ “බුද්ධි අංශ දේශපාලනීකරණයකට ලක්ව තිබුණේ ද ” යන්නය.

” ලෝකයේ ඕනෑම රාජ්‍යක බුද්ධි සේවයක්‍ සියයට යම් ප්‍රතිශතයකින් දේශපාලන කටයුතුවල යෙදෙනවා. අපේ රටෙත් 25%ක් විතර එහෙමයි. නමුත් අර දින 52 ව්‍යවස්ථා අර්බුදය උද්ගත වුණාට පස්සේ රාජ්‍ය බුද්ධි සේවය 100%ක්ම යෙදුණේ දේශපාලන කටයුතුවල. රජයේ පැවැත්මට අවශ්‍ය විපක්ෂයේ දේශපාලකයන්ගේ තොරතුරු හෙවීම තමයි ඔවුන්ට වැඩියෙන්ම කරන්න වුණේ. ඒවා කෙලින්ම රිපෝට් කළොත් ජනාධිපතිවරයාට. ආරක්ෂක ලේකම්වරයා වුණ මමවත් ඒ ගැන දැන සිටියේ නැහැ ” යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

Related posts

“නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම වරදක් නෑ” – එජාප චෝදනාවලට ජනපතිගෙන් පිළිතුරු

colombotoday

කොරෝනා මර්දනයට චීනයෙන් දුන් මුදල්වලට වුණ දේ ආණ්ඩුව රටට කිව යුතුයි

colombotoday

මැතිවරණ කොමිසම හාස්‍යයට ලක් වෙලා

colombotoday

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

Admin

වෛරසය අඩංගු වුවද සිරුර ආදාහනයට අවසර නෑ. මරණ භූමිදානය නොකලොත් අල්ලගෙ උසාවියේ වැරදිකරුවන් වේවි. | උලමාගෙ ඉල ඇදෙන ෆත්වාව.

colombotoday

පුරවැසි බලය ලොක්කෝ රතුඑළි දල්වයි… ජනපති නිවස ඉදිරිපිට මිය යනතුරු උපවාසයකට සැරසෙයි

colombotoday