Colombo Today Local News

සිංහල රජ කාලේ අපිව ආරක්ෂා කරලා දුන්න මුස්ලිම් ජාතිය දැන් කොන් කරන්න හදනවා. – අගමැති රනිල් කියයි

වර්තමානයේදී මුස්ලිම් ජනතාව කොන් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවත් සිංහල රජවරුන්ට මුස්ලිම් ජනතාව ගැන විශල විශ්වාසයක් තිබුණ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. කුරුණෑගල පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“සිංහල රජවරුන්ට විශාල විශ්වාසයක් තිබුණා කිසිම ප්‍රශ්නයක් නැතිව මුස්ලිම් ජනතාව රජතුමාව ආරක්ෂා කරලා දෙයි කියලා. 1815 වත් කිසිම මුස්ලිම්වරයෙක් ගිහින් ඔය ගිවිසුමට අත්සන් කළේ නෑ. සම්බන්ධ වුණේ නෑ.

සමහරු බලනවා අද මුස්ලිම් ජාතිය ලංකාවෙන් කොන් කරන්න. තමන්ගේ දේශපාලනයේ වාසියට. ඕනෑම ආගමක, ඕනෑම කණ්ඩායමක වැරදි කරන, මරන අන්තවාදීන් ඉන්නවා. ඒක නවත්වන්න බෑ.

ඒක නවත්වන්න පුළුවන් අඳුනගෙන ඒ අය ඉවත් කරලා. ඒත් සමස්තයක් හැටියට (මුස්ලිම් ජනතාව) සිංහල රජ කාලේ අපිව ආරක්ෂා කරලා දුන්නා. ඔක්කොම එකට එකතුවෙලා. දැන් ලාංකිකයන් ලෙස ඉදිරියට යන්න ඕන”

Related posts

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර තේ වත්තකින් හමු වෙයි

Admin

ජාතික සභාව පිහිටුවීම ගැන යෝජනාව අද පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday

ෆොන්සේකාගේ මන්ත්‍රීකමට තවත් කොක්කක්! 19 කැඩුවා කියා පාක්‍යසෝති නඩු දමයි

colombotoday

පොලීසියට තග දැමූ දිලීප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය රිමාන්ඩ්

colombotoday

කළුබෝවිල රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

colombotoday

වැඩිකර දෙන්න පොරොන්දු වූ 2500 ජනවාරි වැටුපට නෑ..

colombotoday