Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදිය යුතුයි. – ඩිලාන් පෙරේරා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දු කළත් නැතත් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් බහුතරයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කර අවසන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ උප සභාපති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

හවුල් ආණ්ඩුවෙන් මුලින්ම ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් දහසය දෙනාගෙන් දහතුන් දෙනෙකු මේ වනවිට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග එකතු වී සිටින බවත්, ඉදිරියේදී තවත් දෙදෙනෙකු පැමිණීමට නියමිත බවත් ඒ මහතා පවසා සිටියේය.

මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දැනට ඉතිරිව සිටින පිරිසත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කළ යුතු බවත්, එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ සිටින එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන් අදාළ තීරණය ගැනීම පමා කරමින් සිටින බවද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

මීට පෙර නායකයන් ගත් තීරණ පාක්‍ෂිකයන් ක්‍රියාත්මක කළ බවත්, එහෙත් මේ වනවිට පාක්‍ෂිකයන්ගෙන් බහුතරයක් තීරණයක් ගෙන තිබෙන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දැනට සිටින පිරිස් පාක්‍ෂිකයන් ගත් තීරණය ගතයුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

එසේම ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දක්වන බවත්, තවත් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් ලෙස සිටිමින් සහයෝගය දක්වන බවත් උප සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද අත්අඩංගුවට

Admin

පළුගස්වැව සැකකටයුතු මරණයක්

Admin

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අද මහජන උපයෝගිතා කොමිසමට

Admin

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

මාවනැල්ලේ කම්හලක කසළ තේ ජාවාරමක් වටලයි. තේ කිලෝ ලක්ෂ 03 ක් සමග කළමනාකරැවන් දෙදෙනෙකුත් අත්අඩංගුවට

colombotoday