Colombo Today Local News

සමනල අඩවිය සහ සෝමාවතිය පූජා නගර ලෙස නම් කර ජනපති මෛත්‍රී නික්ම යයි

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සෝමාවති පුදබිම පූජා නගර ලෙස ගැසට් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති  ධුරයේ රාජකාරි  (17දා) අවසන් කළේය.

2015 ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා (17දා) වනතුරු සිය රාජකාරී කටයුතු සිදු කළේය.

සිය පස් වසරක ජනාධිපති ධුරයේ රාජකාරී අවසන් කිරීම වෙනුවෙන් සිය අවසන් රාජකාරිය ලෙස එම ගැසට් නිවේදනයට අත්සන් කර ඇත.

බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශ ලැබූ ශ්‍රීපාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ බුදුරජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩ සිටින ඓතිහාසික සෝමවති පුදබිම මෙලෙස පූජා නගර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

දෙහිඹ්විට පහළ තල්දූව හුදකලා කෙරේ

colombotoday

මානව හිමිකම් කොමිසමට යොමු කළ පැමිණිලි 11000ක විමර්ශන අරඹයි

Admin

පළමු පාසල් වාරය ලබන 21වනදායින් අවසන්

Admin

කිලිනොච්චියේ පාසලුත් වැසෙයි

colombotoday

පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසදන්න විශේෂ යාන්ත්‍රණයක්

colombotoday

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

colombotoday