Colombo Today Local News

මානව හිමිකම් කොමිසමට යොමු කළ පැමිණිලි 11000ක විමර්ශන අරඹයි

මානව හිමිකම් උල්ලංඝණය වීමේ සිදුවීම් සම්බන්ධයෙන් මහජනතාව යොමු කළ පැමිණිලි 11000 කට අධික සංඛ්‍යාවක් කඩිනමින් විමර්ශනයට මානව හිමිකම් කොමිසම විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරන්නේ, ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල මට්ටමින් එම පැමිණිලි විමර්ශනය කරන බවයි.

මානව හිමිකම් කොමිසමට යොමු කළ ඇතැම් පැමිණිලි වෙනත් ආයතන වෙත යොමු කළ යුතු පැමිණිලි බව මූලික විමර්ශනවලදී හෙළිව ඇත.

ඒ අනුව, අදාළ පැමිණිලි රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, කම්කරු දෙපාර්තමේන්තුව හා පාරිභෝගික කටයුතු අධිකාරිය යන ආයතන වෙත යොමු කිරීමට නියමිතයි.

එම පැමිණිලි අදාළ ආයතනවලින් නිසි පරිදි විමර්ශනය කරන්නේදැයි අධීක්ෂණය කරන බව ද නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

ලැබී ඇති සියලු පැමිණිලි කඩිනමින් විභාග කිරීමෙන් ජනතාවගේ මානව හිමිකම් කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් සාධාරණය ඉටු කළ හැකි බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

Related posts

දරුවන් සසුනට පූජා කළ පවුල්වලට අවශ්‍යතා මත රැකියාවක්

colombotoday

අමිල ප්‍රියංග පැහැරගැණීමේ සිද්දිධිය ගැන හිරුණිකාට එරෙහිව වීඩියෝ සහිතව සාක්කි දෙයි

Admin

යුද හමුදාවේ දෙවනි පුටුව මේජර් ජනරාල් ශවේද්‍රන්ද සිල්වාට…

colombotoday

මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි… – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Admin

සෞඛ්‍ය පුරුදු හඳුන්වා දෙන සංඥා මාලාවක්

colombotoday

ගෝඨාභයට එරෙහිව ලසන්තගේ දියණිය ගොනුකළ චෝදනා ඇමරිකානු අධිකරණයෙන් ඉවතට

colombotoday