Colombo Today Local News

මහලේකම් ධුරයෙන් දයාසිරි නෙරපයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතා ඉවත්කර තිබේ.

ඊයේ (05) රාත්‍රියේ ඉවත් කිරීමට අදාළ ලිපිය තමාට ලැබුණු බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවය.

ඒ අනුව, ඉදිරි දින 14 ඇතුළත විනය කඩකිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය එවීමට කටයුතු කරන බව ද පක්ෂ සභාපති, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස එම පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පත්කිරීමට නියමිත තිබේ.

Related posts

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයට කුඩු රොෂාන් ඇතුළු 7ක් අත්අඩංගුවට

colombotoday

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට සාකච්ඡා කළා – ජනපති

colombotoday

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

colombotoday

පුත්තලමේ එච්අයිවී අවදානමක් ! සමාජ රෝගීන් තොගයක් සොයාගනී… වැඩි පිරිසක් සමලිංගිකයන්

colombotoday

ආවා කල්ලියේ ලොක්කෝ තිදෙනා ඉන්දියාවෙන් අල්ලයි

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday