Colombo Today Local News

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…

රටට සම්බාධක පැනවීමේ හැකියාවක් ඇතිව තිබෙන බවත් ජපානය, ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ආධාර නවත්වා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මේ සියලු ක්‍රියා හේතුවෙන් අවසාන වශයෙන් පීඩාවට ලක්වන්නේ අහිංසක ජනතාව බවද ඔහු සඳහන් කළේය.

“බල උන්මාදයෙන් පරිණත හා දේශප්‍රේමීන් යැයි කියාගන්නා දේශපාලකයන් කොටසක් දේශපාලුවන් සෙ කටයුතු කරනවා. අපි පාලනය කරපු කාලයේ විදේශ සංචිත වැඩිවුණා. අපනයන සීඝ්‍ර සංවර්ධනයකට ලක්වුණා.

අපි වක්‍ර බදු අඩුකරලා සෘජු බදු වැඩිකළා. ඒක හරියට ක්‍රියාත්මක වුණොත් සර්ව සාධාරණ ක්‍රමයක් බවට පත්වෙනවා. අපේ බදු ක්‍රමයේ අඩු නොතිබුණා කියලා කියන්නේ නෑ.”

Related posts

ජන මතයට සවන් නොදෙන්නේ නම්, රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවා – විපක්ෂ නායක

colombotoday

හමුදාව භාරයේ තිබූ උතුරේ තවත් අක්කර 1201ක් අද නිදහස් කෙරේ…

colombotoday

ඇල්ලූ ලිපිය රාජ්‍ය විරෝධී නෑ… ඒක හැදුවේ මගේ අමාත්‍යංශයේ, ඒත් මම මොකුත් දන්නෑ…

colombotoday

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අත්හිටුවයි

colombotoday

සාලිය රණවක තායිලන්තයේ සිට තරුණයන් රවටා මුදල් වංචාවක

colombotoday

යහපාලනයෙන් පණ ලබා රටම භීතියෙන් සලිත කරන පාතාල කල්ලි 15 මෙන්න

colombotoday