Colombo Today Local News

ශ්‍රීලනිප සහය ගෝඨාභයට, අද පෙරවරුවේ ගිවිසුම්ගත වෙයි !

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණ යටතේ තරග කළත් ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණ හා එක්ව පුටුව ලකුණින් තරග කරන බවද ඔහු පැවසීය.

මෙම තීරණය ගත්තේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශීර්වාදයෙන් බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට ඉදිරියේදී අත්සන් කරන බව හෙතෙම පැවසීය.

Related posts

ක්‍රිකට් අතුරු කමිටුව පත් කර ඇත්තේ ජනපතිට හොරෙන්

Admin

මන්ත්‍රී දීමනා වැඩි කරන්න විපක්ෂයෙන් යෝජනා

colombotoday

සුපිරි කැසිනෝවත් අරන් ජේම්ස් පැකර් නැවත එයි!

colombotoday

ධීවර වරායේ මගඩියෙන් රජයට කෝටි 48ක් පාඩුයි.. “හොරු අල්ලන රාජිතගේ” තවත් වැඩක් එළියට !

colombotoday

අපට ඕනනම් රටම අකර්මන්‍ය කරන්න තිබුණා…

colombotoday

ලේ බැංකුවේ රුධිර ඇසුරුම් හිඟයක්

colombotoday