Colombo Today Local News

අපට ඕනනම් රටම අකර්මන්‍ය කරන්න තිබුණා…

ජනබලය උද්ඝෝෂණයේදී ආර්ථික මර්මස්ථාන කිහිපයක් වටලා රට අකර්මන්‍ය කිරීමට සැලසුම් කර තිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කටුනායක ගුවන් තොටුපොළ,විදුලි බල මණ්ඩලය,දුම්රිය දෙපාර්තමේන්තුව,සියලු වරායන්,ඛනජ තෙල් නීතීගත සංස්ථාව යන ස්ථානවල කටයුතු අඩපණ කිරීමේ සැලැස්මක් තිබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (06දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ අපිට ඕනනම් එයාර්පෝට් එක වහන්න,විදුලි බල මණ්ඩලය වහලා මුලු රටම කලුවරේ තියන්න, කොච්චි ටික නවත්වන්න, සියලු වරායන් නවත්වන්න තිබුණා.සියලු වෘත්තීය සමිති අපි සමග සාකච්ඡා කරලා තිබුණේ. ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිතිය අපිත් එක්ක ඊයේ බැස්ස නම් එයාර්පෝට් එකට තෙල් නැහැ.

කටුනායක එයාර්පෝට් එකේ වෘත්තීය සමිතිය අපිත් එක්ක බැස්ස නම් ප්ලේන් දුවන් නෑ. අපිට ඒ සඳහා සැලසුම් තිබුණා. නොතිබුණා නොවෙයි. නමුත් අපි ඒවා කළේ නැහැ. ඒවා කරන්න තව කල් තියෙනවා. අපි කිව්වේ කොළඹ වටලනවා කියලා.

අපි කොළඹ වැටලුවා. වෘත්තීය සමිති සියලු දෙනා අපිත් එක්ක එකඟ වුණා තව තව දේවල් කරන්න. අපිට ඕනේනම් තාම ඉන්න තිබුණා”යනුවෙන් පවසා සිටියේය.

 

Related posts

කල්මුනේ සයින්දමරුදුවට වෙනම ප්‍රාදේශිය සභාවක් ඉල්ලා උද්ඝෝෂණ !

colombotoday

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin

වෙලේ සුදා සමග ඇගෑළුම් පෑ නිළියන්ගේ ආදායම් බදු හොයන්න රහස් පොලීසිය යයි

colombotoday

හිටපු බුද්ධි ලොක්කගේ දුරකතනයේ දත්ත යලි ලබා ගැනීමට නොහැකි ලෙස විනාශ කරලා. | පාස්කු කොමිසමේදී අනාවරණය වෙයි.

colombotoday

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday

ඉදිරි පැය 24 තුළ ගංවතුර ගැලීමේ අවදානමක්

colombotoday