Colombo Today Local News

වුහාන් වල සිටින සිසුන් 30 දෙනා මෙරටට ගෙන්විමට චින රජයෙන් අවසර නෑ !

චීනයේ වූහාන් නගරයේ මේ වනවිට වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට ජනාධිපතිතුමාගේ උපදෙස් මත විදේශ සබඳතා අමාත්‍යාංශය පියවර ගෙන ඇති නමුත් චීන බලධාරීන් විසින් කිසිදු පුද්ගලයෙක් එම ස්ථානවලින් ඉවත් කිරීමට ඉඩලබා දී නොමැති බව ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) අරලියගහ මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

තත්ත්වය මෙසේ වුවද බීජිං නගරයේ ප්‍රධාන කාර්යාලය මගින් වූහාන් නගරයේ බලධාරීන් සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය ආහාරපාන ලබාදීමට කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදි  වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයින් 557 දෙනෙක් පමණ චීනයේ වෙසෙන අතර, ඉන් 204 දෙනෙක් ඊයේ දිනයේදී චීනයේ සිට ලංකාව බලා ගමන් ආරම්භකර ඇති බවත්, 103 දෙනෙක් අද (28) දින පිටත්වීමට නියමිත බවත් ප්‍රකාශ කල අමාත්‍යවරයා බීජිංහි පිහිටි ප්‍රධාන කාර්යාලය ඇමතීමට චීනයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව සලසා දී ඇති බවත් කියා සිටියේය.

එම ප්‍රදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට පළාත් බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  ලබාදෙන උපදෙස් පිළිපඳින ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. මේ වනවිට චෙන්ඩු නගරයේ ජීවත්වන අයට එම ප්‍රදේශවලින් ඉවත්විමට අවසර ඉල්ලා තිබෙනවා. එම ප්‍රදේශවලට විශේෂ ගුවන්යානා ගොඩ බැස්සවීමට අවසර ලැබෙන්නේ නැහැ. නමුත් වානිජ ගුවන්යානාවලට ඒ සඳහා බලපෑමක් නැහැ. ඒ නිසා අපි ශ්‍රී ලංකන් එයා ලයින් එකත් එක්ක කතා කරලා සියයට 50ක වට්ටම් සහිතව ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසලා තිබෙනවා. මේ කාර්යය සඳහා චීනයේ තානාපති කාර්යාලයත් ෂැංහයි සහ වොහැංෂු උපකාර්යාල වලිනුත් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහාත් මේ කටයුතු සම්බන්ධීකරණය කරලා තිබෙනවා යැයිද අමාත්‍යවරයා මෙහිදි  වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

තැපෑලෙන් යවන්න ගිය මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

colombotoday

ශ්‍රී ලංකාවට දෙන ඕනෑම ණයක් සඳහා ණය තිරසර බවට සහතිකයක් අවශ්‍යයි-IMF

colombotoday

ඉන්දීය අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ තිබූ හෙරොයින් සහ ආයුධ ගැන තොරතුරු හෙළිවෙයි.

colombotoday

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 කට නායයෑම් රතු නිවේදන

colombotoday

කරවිල ඇටවලින් පිළිකාව නසන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් !

colombotoday

ලංකාවේ ඊ – පළාත් පාලන පද්ධතිය ඇරඹේ

colombotoday