Colombo Today Local News

රාජිතට එරෙහිව CIDයට පැමිණිල්ලක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහලට වසරකට රුපියල් ලක්‍ෂ 30000කට අධික මුදලක් වැයකර ඇති බව පැමිණිල්ල ඉදිරිපත් කරමින් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

 ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා අද (13දා) මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කිරීම සඳහා මුලින් සැලසුම් කළත් එහි නිලධාරින් පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බවත් එය සීඅයිඩීයට ඉදිරිපත් කරන ලෙසත් දැන්වූ බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

Related posts

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන T20 දෙවන තරගය අද

Admin

කොරෝනා වෛරසයට ප්‍රතිශක්තීකරණය ලබාදෙන ඖෂධ 10කට සූත්‍ර කමිටුවේ අනුමැතිය.

colombotoday

අයවැය ප්‍රකාශය : විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට රුපියල් මිලියන 300ක්

Admin

කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත්කරගන්න කියයි

Admin

70 වන නිදහස් සමරුවේ ප්‍රධාන අමුත්තා ලෙස එංගලන්ත රැජණගේ බාල පුතා එයි

colombotoday

සෞඛ්‍ය තත්ත්වය අයහපත්… ඤාණසාර හිමියන් නැවතත් ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරයි…

colombotoday