Colombo Today Local Newsextremism & terrorism activities

ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඩලන්න බුද්ධි මෙහෙයුම් දැඩි කල යුතයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි

ඉස්ලාම් ත‍්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (13) පැවසීය.

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි යුද්ධය ගොඩබිමින්, මුහුදින් හා ගුවනින් මෙහෙයවුවද අලූත් ත‍්‍රස්තවාදී උවදුර මර්දනය කිරීමට ප‍්‍රධාන වශයෙන්ම බුද්ධි මෙහෙයුම් දැඩි කළ යුතු බවද අගමැතිවරයා කීය.

ඉස්ලාම් ත‍්‍රස්තවාදය නතර නොකිරීම ලංකාවට පමණක් නොව කලාපයටම තර්ජනයක් වන බව කී අගමැතිවරයා අවට රටවල් ද එම අවදානම හොදින් තේරුම්ගෙන තිබෙන නිසා ත‍්‍රස්තවාදයට එරෙහි ඔවුන්ගෙන් සහයෝගය බලාපොරොත්තු විය හැකි බවද පැවසීය.

කොළඹ, නෙළුම්පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී අද (13) පැවැති ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 13 වැනි පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමින් අග‍්‍රමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙහිදී මෙරට ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් මෙන්ම ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, නේපාලය,  ඕමානය, පාකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සුඩානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල විදේශීය ශිෂ්‍ය නිළධාරීන් 157 දෙනෙකු උපාධි හිමිකර ගන්නා ලදී.

Related posts

ගෝඨාභය ඝාතනයට කොටි ඩයස්පෝරාව දකුණේ පාතාලයට මුදල් දීලා

colombotoday

සමාජ මාධ්‍ය වාරණයෙන් ආණ්ඩුවේ බැරිකම හෙළිවුණා.. රාජපක්ෂ රෙජිමයෙන්වත් මෙහෙම කළේ නෑ

colombotoday

ඉංග්‍රීසි අනිවාර්යයි.. බැරිනම් රට රස්සා නෑ…

colombotoday

“ජාත්‍යන්තර මැදිහත්වීමකින් හෝ SAITM ආපසු හරවනවා“ – GMOA

colombotoday

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරයේ විෂය පථ ගැසට් කෙරේ.

colombotoday

මහ බැංකු වාර්තාව ඛේදවාචකයක්. රුපියල අවප්‍රමාණයෙන් ණය බර කෝටි 83,600කින් වැඩි වෙලා

colombotoday