Colombo Today Local News

70 වන නිදහස් සමරුවේ ප්‍රධාන අමුත්තා ලෙස එංගලන්ත රැජණගේ බාල පුතා එයි

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහල ලබා 70 වසරක් ගතවීම නිමිත්තෙන් පැවැත්වෙන සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිතාන්‍ය මහ රැජණගේ බාල පුත්‍රයා වන එඩ්වඩ් කුමරු සහ ඔහුගේ බිරිද සහභාගී වීමට නියමිතය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කළ නිල ආරාධනාවකට අනුව එඩ්වඩ් කුමාරයා මෙරටට පැමිණෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජනවාරි මස 31 වන දින මෙරටට පැමිණෙන එඩ්වඩ් කුමාරයා කුමරිය හා දූ දරුවන් පෙබරවාරි 04දා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති අගමැති ප්‍රමුඛ පක්ෂ නායකයින් රැසක් ද මුණ ගැසීමට නියමිත බවද ස්වදේශ කටයුතු ඇමැතිවරයා සඳහන් කළේය.

Related posts

බැසිල්ට රට යන්න අවසර දෙයි

colombotoday

මරණීය දඬුවම හිමි වූ රණවිරු සුනිල් රත්නායකට ජනපති සමාව !

colombotoday

ගෝඨාභයගේ වියත්මග ප්‍රකාශය රජයේ 2025 දැක්මයි – මලික් සමරවික්‍රම

colombotoday

“සයිටම් කීයටවත් වහන්නෑ.. ඒකට විරුද්ධ වෙන්න කිසිදු බලවේගයකට හයියක් නෑ“ – කිරිඇල්ල

colombotoday

සියලුම ගර්භනී මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday