World

රන් පදක්කම් දිනූ මීයා

කාම්බෝජයේ පැවති සිවිල් යුද සමයේ දී එරට විවිධ ප්‍රදේශවල වළ දමා ඇති බිම් බෝම්බ සොයා ගැනීමට උපකාරී වූ මීයෙක් ට රන් පදක්කමක් පිරි නමා තිබේ.

“මගාවා” යන සුරතල් නමින් හඳුන්වන එම මීයා මේ දක්වා බිම්බෝම්බ 39ක් සහ පුපුරණ ද්‍රව්‍ය අවස්ථා 28කදී සොයාගැනීමට සමත්වී ඇති බව වාර්තා වේ.

එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන PDSDA නම් සත්ත්ව සුබ සිද්ධිය සඳහා ක්‍රියාත්මක ආයතනයක් මගින් එම රන් පදක්කම් ප්‍රධානය කර තිබේ.

කාම්බෝජය පුරා බිම්බෝම්බ මිලියන 6ක් පමණ අතුරා ඇතැයි සැලකේ.

7 හැවිරිදි “මගාවා” ව පුහුණුකර ඇත්තේ බෙල්ජියමේ ලියාපදිංචි ව ඇති ඇපොපෝ නම් ආයතනය මගිනි.

Related posts

මංගල ගමනක් ගිය බසයක් පෙරළී 25ක් මරු දකී

colombotoday

ජපානය අසල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි

Admin

බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය ප්‍රංශයෙනුත්

colombotoday

ඇෆ්ඝනිස්තානයේ ජලාලාබාද් නගරයේදී තරුණියන් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කරලා

colombotoday

ඉම්රාන් ඛාන් දින 8ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

Admin

ලොව ප්‍රබලතම තාක්ෂණ සමාගම් සියල්ලම ඉන්දියානුවන්ගේ අණසකට

colombotoday