Colombo Today Local News

රට බල්ලන් ගෙට දමා, හැදූ පියා බලු කූඩුවට දැමූ නරුම දුවක් දැන් පොලිස් කූඩුවේ

taattaa_1

නිවසේ ඇති කරන ඉහළ වටිනාකමක් ඇති විදේශීය බල්ලන්ට නිවසේ කාමර හා ඇඳන් වෙන්කරදී තම පියා වසර ගණනාවක් තිස්සේ බලු කූඩුවක සිරකර තැබූ බව කියන කාන්තාවක බලගොල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බලගොල්ල, කෙන්ගල්ල පංචපිටිය ප්‍රදේශයේ  පදිංචි 42 හැවිරිදි මෙම කාන්තාවගේ මව හා සැමියා විදේශ ගතව ඇත.
පියා හා දරුවන් දෙදෙනා සමඟ ඇය නිවසේ ජීවත්ව තිබෙන බවයි පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ.
තම පියා නිවස ආසන්නයේ මළ මූත්‍රා පිටකරමින් අපිරිසිදු කරන බැවින් ඔහුව බලු කූඩුවේ දැමීමට මෙම කාන්තාව කටයුතු කර  ඇති බව පොලීසිය පවසයි. නිවසේ සුරතලයට ඇතිකරන විදේශීය රටවල සුනඛයින් තිදෙනකු පැටවුන් සමඟ නිවසේ ඇඳන් මත වැතිරෙමින් නිදහසේ සිටියදී මෙම කාන්තාව ඇගේ 73 න් හැවිරිදි පියාව බලුකූඩුවේ සිරකර තබා ඇත.
මේ සම්බන්ධව ඇයට එරෙහිව අයුතු අවහිරය හා අයුතු සිරකර තැබීම යටතේ නඩු පවරන බව පොලීසිය පවසයි.
බලු කූඩුවේ සිරකර සිටි අදාළ කාන්තාවගේ පියා මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක කලකට ඉහත සේවය කර තිබෙන අතර ඔහුට සිටින එකම දරුවා මෙම කාන්තාව බව ද වාර්තාවෙයි.  කතාකර ගැනීමට පවා නොහැකිව බෙහෙවින් දුර්වලව සිටි පියා ප්‍රතිකාර සඳහා මැණික්හින්න රෝහලට ඇතුළත් කර තිබේ.

taattaataattaa_3taattaa_2

Related posts

දඩල්ල, පියදිගම වෙඩි තැබීමක්

colombotoday

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

colombotoday

විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය දීර්ඝ කෙරේ…

Admin

‘නබිතුමාණන් විශිෂ්ඨ ආගමික ශාස්තෘවරයෙකි, එතුමා ආදර්ශයට ගෙන උතුම් සමාජයක් හදමු’ – අගමැති

colombotoday

තොන්ඩමන් – මුස්තාපා රහස් සාකච්ඡා.. කුකුළා අත යටට !

colombotoday

“යහපාලනය හරියට කරනා හැටි මා දනී.. වහාම ඇමති සංශෝධනයක් ඕනෑ“ – මහාචාර්ය සරත්

colombotoday