Colombo Today Local News

‘නබිතුමාණන් විශිෂ්ඨ ආගමික ශාස්තෘවරයෙකි, එතුමා ආදර්ශයට ගෙන උතුම් සමාජයක් හදමු’ – අගමැති

උතුම් සාරධර්ම සපිරි සමාජයක් නිර්මාණය කරලීමට නබිතුමාණන් ගත් උත්සාහය අප ද ආදර්ශයට ගත යුතු බව පෙන්වා දෙමින්, නබි නායකතුමාගේ උපන්දිනය සැමරූ පසුගිය (24) මුස්ලිම් බැතිමතුන් වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවිඩයක් නිකුත් කළේය.

අගමැතිතුමාගේ සුබපැතුම් පණිවිඩය මෙසේය:“මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් කැප වූ නබි නායකතුමන්ගේ උපන්දිනය, අද ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු මහත් උත්සවාකාරයෙන් සමරති. ධර්මය සිය පෞද්ගලික විශ්වාසය පමණක් නොව ජීවන රටාව ද කරගත් එතුමාණෝ විශිෂ්ඨ ආගමික ශාස්තෘවරයෙකි. දෙවියන් වහන්සේ විසින් ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමා වශයෙන් මුහම්මද් නබි නායකතුමාණන් එතුමන්ගේ 40 වැනි වියේ දී තෝරා ගනු ලැබූ බව සඳහන් වේ.එවක භේදබින්නව පැවති අරාබි පරිසරය සහෝදරත්වයේ, සාමයේ හා පරිත්‍යාගයේ සංකේතයක් වශයෙන් පරිවර්තනය කරමින්, උතුම් සාරධර්ම සපිරි සමාජයක් නිර්මාණය කරලීමට නබිතුමාණන් ගත් උත්සාහය අප ද ආදර්ශයට ගත යුතු ය.නබිනායකතුමන්ගේ උපන් දින සැමරුම වඩ වඩාත් අර්ථ පූර්ණ කර ගත හැක්කේ සියලූම අන්තවාදයන් පරදවමින් උන්වහන්සේ පෙන්වා දුන් එබඳු යහපත් සමාජයක් නිර්මාණය කරලීමට අපගේ පූර්ණ දායකත්වය ලබා දීමෙනි.

සියලූ මුස්ලිම් ජනතාවට ප්‍රීතිමත් හා අර්ථවත් මිලාදුන් නබි උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.“

Related posts

මැයි මාසයේ දී පාරිභෝගිකයින්ට පාලන මිලෙන් පහළට බිත්තර

Admin

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර – අගමැති පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

පළාගිය රැඳවියන් සියලුදෙනා අල්ලයි

Admin

ලසන්ත වික්‍රමතුංගගේ සිරුර 27දා යළි ගොඩ ගන්න නියෝග

colombotoday

දිඹුලාගල මහ කන්දේ පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් හමුවේ

colombotoday

බෝම්බ ලොරියක් ගැන තොරතුරු… ආරක්ෂාව දෙගුණ කරයි…

colombotoday