Colombo Today Local News

යහපාලනය කජ්ජෙ ඉදන් රට කෑවා….

එක්සත් ජාතික පක්ෂය රට විනාශයට පත්කළ බවත් ජනවාරියේ ගෙවීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය වාරිකය ගෙවීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික පර්යේෂණ ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

“ආර්ථිකය කඩා වැටීම තිවූර කිරිමට අදාළ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දී තිබෙනවා. අපි මාස හයකට කලින් කිව්වා ඩොලරය රුපියල් 200ට නගිනවා කිව්වා. ණය ශ්‍රේණිගත කිරිම්වලින් පසුපසට යනවා කිව්වා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ රටට ජාත්‍යන්තර වෙළඳපොළට ගිහින් ණය ගන්න බැරි තත්ත්වයට පත්කළා.

මම පැන්ඩා බොන්ඩ් එක ගැන කිව්වා.මහින්ද රාජපක්ෂ මහතා රට බාර ගන්න විට නොපියවා තිබුණ ණය රුපියල් ට්‍රිලියන 2යි. එතුමා අවුරුදු 10ක් ආණ්ඩු කළා. යුද්ධය තිබුණා. යුද්ධය සඳහා විශාල වශයෙන් ණය ගත්තා. ඛනිජ තෙල් අර්බුදය, ආහාර අර්බුදය තිබුණා මූල්‍ය අර්බුදය තිබුණා මේ සියලු අර්බුද යටතේත ගත්ත ණය අණ්ඩුව බාරදෙන විට ණය ට්‍රිලියන 7 යි. අවුරුදු 10කට ණය වැඩිවුණේ ට්‍රිලියන 5 යි. දැන් නොපියවූ ණය ප්‍රමාණය ට්‍රිලියන 11.3යි. අවුරුද්දකට ට්‍රිලියනය බැගින් ණය වැඩිවෙලා තිබෙනවා. රට බිත්තියට හේත්තු කරන විට ජනපතිතුමා කිව්වා අර්ථික කළමනාකරණ කමිටු රට කෑවා කියලා.

කජ්ජේ ඉදන් සියල්ල අවුරුදු තුනක් ඇතුළත විනාශ කළා. ස්වදේශිකයන් වනසන විජාතිකයන් දිදුළන ක්‍රමයක් ක්‍රියාත්මක කරා. ණය වාරික ගෙවීම ගැන කිසිම ගැටලුවක් නෑ. ජනවාරියේ ඩොලර් බිලියන 1000ක් ගෙවන්න තිබෙනවා.ඒක ගෙවන්න අපි කටයුතු යොදලා තිබෙන්නේ. ආණ්ඩුව කාගේ තිබුණත් අපි ණය ගෙවීම පැහැර හැරලා නෑ.”

 

Related posts

සේපාල්ගේ කතාව ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගෙනුත් ප්‍රකාශයක් ගනී

Admin

පොලිසියයි, රාජ්‍ය මාධ්‍යයයි ඉස්සරහ තියාගෙන තෙල් සේවකයන්ට පහරදුන් මන්ත්‍රීගේ ගෝලයෝ (Photo)

colombotoday

පාසලක තාප්පයක් සිසුවෙක් උඩට කඩා වැටෙයි

Admin

චන්ද්‍රිකාගේ වැඩමුළුව මෛත්‍රී අනින් නවත්වයි

colombotoday

ඇමති චම්පිකගේ රියේ තරුණයා ගැටුණු අවස්ථාවේ CCTV දර්ශන ආලාපාළු යකා ගිලලා

colombotoday

කන්න බොන්න නැති බෝගස්වැව අහිංසකයින්ට මරණ තර්ජන

colombotoday