World

මේ වසරේදී මාධ්‍යවේදීන් 65ක් මරා දමලා !

මෙම වසර තුළ ලොව පුර මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ක්‍රියාකරුවන් 65 දෙනෙකු ඝාතනය වී ඇති බව වාර්තා වෙයි.

ප්‍රංශයේ මාධ්‍ය හිමිකම් සංවිධානයක් විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ වාර්තාවට අනුව ඝාතනයට ලක්වූ 65 දෙනාගෙන් 39 දෙනෙකු සිය රාජකාරිය අතරතුර ඝාතනයට ලක්ව ඇති අතර අනෙකුත් පුද්ගලයින් ගුවන් ප්‍රහාර සහ බෝම්බ පිපිරීම් හේතුවෙන් මියගොස් ඇති බව සඳහන්ය.

මාධ්‍යවේදීන් සඳහා ලොව භයානකම රට ලෙස සිරියාව සැලකෙන අතර මේ වසර තුළ එරටදී මාධ්‍යවේදීන් 12 දෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

එමෙන්ම මෙක්සිකෝව තුළ මාධ්‍යවේදීන් 11 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර ඔවුන්ගෙන් වැඩිදෙනා දූෂිත දේශපාලන සහ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ තොරතුරු අනාවරණය කිරීමට යාමේදී මියගොස් ඇති බව සඳහන්ය.

Related posts

Google අන්තර්ජාල සැපයුම බිඳ වැටෙයි

colombotoday

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

බංග්ලාදේශ විපක්ෂ නායක මිර්සා ෆකුරුල් අත්අඩංගුවට

Admin

බයිඩන් ජාතිය අමතා දුන් ප්‍රතිඥාව

Admin

නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

හමාස් සංවිධානය භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගනී

Admin