World

හමාස් සංවිධානය භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගනී

හමාස් සංවිධානය ගාසා හී භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එය හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයින් භාවිත කළ උමං ජාලයක් බවට මූලික විමර්ශනවලදී හෙළි වූ බවයි.

“භූගත ත්‍රස්තවාදී නගරයක්” ලෙස ඊශ්‍රායල හමුදාව මෙම උමං ජාලය හඳුන්වා දී තිබේ.

මෙම උමං ජාලය ගාසා හී ෂිෆා රෝහල ඇතුළු ප්‍රධාන ස්ථාන කිහිපයකට සම්බන්ධ වන බව ඊශ්‍රායල හමුදාව අනාවරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ උමං මාර්ගවල හමාස් නායකයින්ගේ නිවාස හා කාර්යාල පිහිටා ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ.

Related posts

හැරී පොටර් මන්දිරයට දරුණු ප්‍රහාරයක්

Admin

ගාසා තීරයේ දරුවන් ලක්ෂ 7ක් අවතැන්.. රෝහල් සුසාන භූමි බවට පත් වෙලා – යුනිසෙෆ් සංවිධානය

Admin

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින්නන්ට ඊශ්‍රායලයෙන් පැය 24ක් දෙයි

Admin

කේරළ ප්‍රාන්තයේ නාය යාමෙන් මියගිය ගණන ඉහළට

colombotoday

පොලිස් වෙඩිතැබීමකින් තවත් කළු ජාතිකයෙක් මරුට.. විරෝධතා උත්සන්න වෙයි

colombotoday

බංගලාදේශ‌යේ සිසුවියක පුළුස්සා ඝාතනය කළ 16කට මරණ දඬුවම

colombotoday