Colombo Today Local News

මීගමුව බන්ධනාගාරයට ආ පාර්සල්

මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කරන ලද පාර්සලයක තිබී ජංගම දුරකථන 04ක් හමු වී ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (21)දින අදාළ පාර්සලය කිසියම් පුද්ගලයෙක් විසින් බන්ධනාගාර භූමියට විසිකර ඇති බවය.

එම පාර්සලය තුළ තිබී හෙරොයින්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ මත්පෙති කිහිපයක් ද සොයාගෙන තිබේ.

ඊට අමතරව දුම්කොළ 10ක් සහ දුම්වැටි දල්වන 05ක්ද අදාළ පාර්සලය තුළ තිබු බව බන්ධනාගාර දෙපාර්තමේනතුව සඳහන් කළේය.

ඊට අමතරව, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඊයේ සිදුකළ සොදිසි මෙහෙයුමකදී ද ජංගම දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ.

රැඳවියන්ගේ සිරකුටියක බිත්තිවල සඟවා තිබිය දී මෙම උපකරණ සොයගෙන ඇති බව වාර්තා වේ.

ජංගම දුරකථන දෙකක්, සිම් කාඩ් පතක්, බැටරි දෙකක් සහ චාජරයක් එහි දී සොයාගෙන තිබේ.

Related posts

පොලිස් ආයතන කිහිපයක තනතුරු මාරුවක්

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුව පිළිගන්නේ නැහැ

colombotoday

මැයි 18දා උතුරේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ…

colombotoday

ආයුර්වේද පනත බලාත්මකයි

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දෙහිවල නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට

colombotoday

රක්නා ලංකා සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday