Colombo Today Local News

රක්නා ලංකා සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කර එහි ගොඩබිම් ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත් සාගර ආරක්ෂක කටයුතු නාවික හමුදාවටත් පැවැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමි වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පැවැසීය.

මේ අනුව මෙම සමාගම ඈවර කිරීමට කටයුතු කරන තෙක් එම සමාගමේ බැඳීම් හා වගකීම් සම්බන්ධයෙන් පවතින ගැටලු සහ මහජන මුදල් පිළිබඳ වගකීම පිළිබඳ අධ්‍යයනය කොට සුදුසු විසඳුම් යෝජනා කිරීමට ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටද නියමිතය.

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සේවය කරනු ලබන ගොඩබිම ආරක්ෂකයින්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කරමින් ඔවුන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් සීමාසහිත එල්.ආර්.ඩී.සී. සේවා පෞද්ගලික සමාගම වෙත අනුයුක්ත කිරීම සම්බන්ධයෙන්ද එම කමිටුව මගින් නිර්දේශ ඉදිරිපත් කිරීමටද නියමිතය.

Related posts

ගෑස් 275කින්, කිරිපිටි 100කින් වැඩි කරන්න ඉල්ලයි.. තීරණය ජනපති අතේ

colombotoday

ඥාණසාර හිමි නෝම්බි අරින්න යනවාද?

colombotoday

මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් වර්ජනයක

Admin

“රට අරාජිකයි.. යන්නේ ආපස්සට“ – ආචාර්ය දයාන් ජයතිලක ජනපතිගේ මූණට කියයි

colombotoday

රජයේ වියදමින් ඔබේ ඉඩමේ පස් බුරුල් කරගැනීමට අවශ්‍යනම් ඇවිත් යන්න කියා මට ආරාධනා කරන්න

colombotoday

සජිත් ගේ නායකත්වයෙන් නව සන්ධානයකට විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වෙයි

Admin