Colombo Today Local News

මිලියන 3ක කහ තොගයක් සමග පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට

මන්නාරම කොන්ඩච්චි ප්‍රදේශයේ දී රුපියල් මිලියන 3 කට අධික වටිනාකමකින් යුත් කහ තොගයක් සමග පුද්ගලයෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

54 වන සේනාංකයේ සහ කමාන්ඩෝ භට පිරිස් සිදුකළ මෙහෙයුමක දී සැක කටයුතු පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම කහ ‍තොගය සොයා ගත් බව යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේය.

එහිදී රුපියල් මිලියන 3කට අධික වටිනාකමින් යුතු කහ කිලෝ ග්‍රෑම් 946 ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දුන් බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව එජාපය සදුදා ශ්‍රේෂ්ඨාධිකරණයට…

colombotoday

ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙනා ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 ක් හමුවෙයි

colombotoday

දඹුල්ලේ බලු බදු යෝජනාව වාර්තා කළ මාධ්‍යවේදීන් CID යට කැදවයි

colombotoday

උතුරේ මහඇමතිකමට අලුත් කෙනෙක් පත්වෙයි !

colombotoday

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළට

colombotoday

ඉහළම තැනක උවමනාවට රෝස පාට නෙළුම කොල පාටින් පිපේ !!

colombotoday