Covid 19

මාස 3ක බිළිඳියකටත් කොරෝනා වැලදෙයි

මතුගම වලල්ලාවිට ප්‍රදේශයේ වයස මාස 3ක බිළිඳියකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරාළ මහතා සඳහන් කළේ මේ වනවිට හුදකලාකර ඇති වලල්ලාවිට මාකලන්දාව ප්‍රදේශයේ බිළිඳියක් කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවය.

එම බිළිඳියගේ මවට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙම බිළිඳිය සහ මව ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

Related posts

තවත් කොවිඩ් මරණ 11ක්

colombotoday

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

colombotoday

කොවිඩ් ආසාදිතයින් 638ක්

colombotoday

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

කන්දකාඩුක්වේ කොරෝනා ආසාදිතයින් 550ක්

colombotoday

අවුරුදු 15 ක දරුවෙක් ඇතුළුව දෙදෙනෙක් කොරෝනා හේතුවෙන් ඊයේ මරුට.

colombotoday