Colombo Today Local News

මහාධිකරණ විනිසුරු පිලපිටියට රන්ජන් තර්ජණය කල බවට සාක්ෂි නෑ !

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් නඩු තීන්දුවලට බලපෑම් හා මන්ත්‍රීවරයාගෙන් තර්ජන එල්ල වූ බවට දැනට සේවය අත්හිටුවා ඇති මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සිදුකරන ප්‍රකාශවල සත්‍යතාව පිළිබඳ ගැටලු මතුවී තිබේ.

ඒ පිළිබඳ විමර්ශනය කරනු ලබන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පවසන්නේ විනිසුරුවරයා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථනයෙන් කරනු ලබන සංවාදය ඉතා සුහදව හා මිත්‍රශීලීව විශ්වාසයෙන් යුක්තව සිදුකරන නිසා එවැනි තර්ජනයක් සිදුකර තිබේද යන්න ගැටලු සහගත බවයි.

එසේ නඩු තීන්දුවක් සඳහා බලපෑම් එල්ල වූ විට අදාළ නඩුවේ ලිපිගොනුවෙහි විනිසුරුවරයා විසින්ම සටහනක් යෙදීම සිදු කිරීම සාමාන්‍ය සිද්ධියකි. අධිකරණ සේවා කොමිසමට ඒ මොහොතේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා පැමිණිලි කළේ නම් ඒ පිළිබඳ විමර්ශනය කර නොසිටීමද ගැටලු සහගත බව එහි උසස් නිලධාරියකු පැවසීය

Related posts

ETCA හතර වන වටයේ සාකච්ඡා ඇරඹේ

colombotoday

“සංදර්ශන තුලින් ඇත්ත නැත්ත කළා. ඇත්ත දැන් ජනතාවට පේනවා” රවීගෙන් මාධ්‍යට චෝදනා :Video

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී යෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමට තීරණයක්.

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට

colombotoday

බූස්ස සතොස ගබඩාවට ඇමති බන්දුල කඩා පනී..|කළමනාකරුගේ වැඩතහනම්.

colombotoday

මන්ත්‍රීවරුන්ට තවත් ලක්ෂ 2 ක් ඉල්ලූ යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday