Colombo Today Local News

“සංදර්ශන තුලින් ඇත්ත නැත්ත කළා. ඇත්ත දැන් ජනතාවට පේනවා” රවීගෙන් මාධ්‍යට චෝදනා :Video

මාධ්‍ය විනෝදයට දේවල් කරලා අන්තිමට සැබෑ තත්වය දැනගෙන දැන් නිස්කලංකව සිටින බව හිටපු මුදල් ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.උතුරු කොළඹ ප්‍රධාන කාර්යාලයේ පැවතී ඉෆ්තාර් උළෙලකට පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

අමාත්‍යවරයෙකු ලෙස ලගදී දිවුරුම් දෙනවාදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් කරුණානායක මහතා තමන් ඒ බව නොදන්නා බවත් තමන්ට කවදත් ප්‍රශ්නයක් නොතිබුණු බවත් තිබුනේ මාධ්‍ය ඇතිකළ ප්‍රශ්නයක් බවත් පැවසීය.
“හැබැයි… ඒකයි… මේකයි… කිය කිය, ඇත්ත නැත්ත කලා. දැන් සැබෑ තත්වය පේනවනේ.” යැයි පැවසු හෙතෙම ආණ්ඩුවේ ලොකු කතා කියපු උදවියත් දැන් සල්ලි ගත්තායැයි හෙළිවී තිබෙනවා යැයි මාධ්‍යවේදියෙකු පැවසු විට “ඒක ඒ අයගෙන් අහන්න. මගෙන් අහලා වැඩක් නැනේ. මට අවශ්‍ය නෑ අනෙක් අයගේ ප්‍රශ්න. මාධ්‍ය සංදර්ශන තුලින් අපට අසාධාරණයක් වෙලා තිබෙනවා. ඒ අයට අසාධාරණයක් වෙන්න අවශ්‍ය නෑ. ඇත්ත නැත්ත කරන ස්වරුපයක් තමයි තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවානම් ඒ අයගෙන් අහන්න. මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අනවශ්‍ය දේවල්වලට වෙලාව නාස්ති කරලා රටේ සංවර්ධනය, ජනතා ප්‍රශ්න ගැන කතා නොකිරීමයි. ඕපාදුප තුලින් තමයි මේ රට ගෙනියන්න හදන්නේ. ඔයගොල්ලොන්ගේ මාධ්‍යත් සදාචාරයක් තියෙන්න ඕනි නේද? අල්ලපු ගෙදර ප්‍රශ්න මගෙන් අහලා වැඩක් නෑනේ” යැයි පැවසීය.

අමාත්‍යවරු කිහිප දෙනෙක් පිලිබදව මාධ්‍යවේදීන් විමසූ විට මන්ත්‍රීවරයාගේ පිළිතුර වුවේ, “කරුණාකරලා නම් පටලවන්නේ නැතුව ඒ අයගෙන් අහන්න. මෙතන කරුණාකරලා විහිළුවක් කරන්න එපා. ඔබතුමාලා මට අසාධාරණයක් කළා. එක දැන් ජනතාවට පෙන්න තියෙනවා. මගෙන් අනික් අයට අසාධාරණයක් කරන්න මම ඉඩ තියන්නේ නෑ”

Related posts

හර්තාල් කරන ලෙස දන්වමින් කාන්තන්කුඩි නගර සභාවෙන් ජනතාවට ලිපියක්

colombotoday

චන්දිමාල් ගේ උපන්දින පාටියට අවසර දීම. ෂැන්ග්‍රි-ලා හෝටලයේ කළමනාකාරිත්වයට එරෙහිව නඩු

colombotoday

දේශපාලන අර්බුදය හමුවේවිශේෂ පණිවිඩයක් රැගෙන ඇමරිකානු තානාපති ජනපති හමුවේ.

colombotoday

අවුරුදු හතරක දැරියක් කෘෘරත්වයට පත් කළ පියෙකුට වැඩ වරදී

colombotoday

පොලිස්පතිගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට බලයක් නෑ – රටම බලා සිටි අධිකරණ  තීන්දුව මෙන්න

colombotoday