Colombo Today Local News

මංකොල්ලයක් සම්බන්ධයෙන්, රාජිතගේ සුදු වෑන් කිඹුලන් දෙදෙනා අත්අඩංගුවට !

ගම්පහ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිවසට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 44 ක් මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ දෙදෙනා ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ සැකකරුවන් සමග ටී 56 ගිනි අවියක් හා සෙල්ලම් පිස්තෝලයක් ද සිය භාරයට ගත් බවයි.මෙම දෙදෙනා සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට පෙරද විවිධ අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිට ඇප මත නිදහස්ව සිටි ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අපරාධ කරුවන් ලැයිස්තුවට අයත් දෙදෙනෙකු බවට වාර්තා පළව තිබුණි.

Related posts

පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට

Admin

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

colombotoday

අගමැතිගේ සිංගප්පූරු සගයාට නැවත මහබැංකු අධිපතිකම නොලැබෙයි.. ජනපති තීරණය කරයි !

colombotoday

වැලිකඩ රැඳවින් 310කගේ PCR පරීක්ෂණ අවසන්

colombotoday

මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

මිය ගිය තරුණියකගේ දේහය ගොඩගෙන නිරුවත් කරලා

Admin