Colombo Today Local News

අගමැතිගේ සිංගප්පූරු සගයාට නැවත මහබැංකු අධිපතිකම නොලැබෙයි.. ජනපති තීරණය කරයි !

rajitha_senarathna1111ධුර කාලය නිමාවී ඇති මහබැංකු අධිපති ධුරයට යළිත්වරක් අර්ජුන් මහෙන්ද්‍රන් පත් නොකිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ (15) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළීතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසූවේ. එහිදී තමන් පෞද්ගලිකව අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ‍්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරයට පත්කිරීමටද විරුද්ධ වූ බවයි පැවසුවේ. ඔහුට සේවා දිගුවක් ලබා නොදෙයි යන්න තමාගේ මතය බවත් සඳහන් කළා.

මෙහිදී රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදීම ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ඉදිරිපත් කර ඇති කිසිඳු චෝදනාවකට අර්ජුන් මහේන්ද්‍රන් මහතා වරදකරු වී නොමැති බවයි. මේ නිසා ශ‍්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරයෙහි වෙනසක් සිදුනොවනු ඇතැයි ද ඔහු කියා සිටියා.

Related posts

බැඳුම්කර මගඩියෙන් මැතිසබය රත්වෙයි

colombotoday

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

colombotoday

“ත්‍රස්තවාදය ඉවර නෑ.. දැන් ත්‍රස්තවාදීන් අන්තර්ජාලයේ වෙබ් ඔස්සේ ක්‍රියාත්මකයි“ – අගමැති

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

තෙල් මිල වැඩිකළ දා වංචාවක්… තෙල් සංස්ථාවට කෝටියක පාඩුවක්…

colombotoday

“මට විදේශ ඇමතිකම ඕන, මුදල් ඇමතිකම එපා.. ඒක ඔයා ගන්න“ – මංගල මලික්ට කියලා

colombotoday