World

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් ලෙස මිය යන අලි

බොට්ස්වානා රාජ්‍යයේ අලින් සිය ගණනක් ගත වූ මාස දෙක තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා අලින් 350ක පමණ සංඛ්‍යාවක් මියගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අලින් විශාල සංඛ්‍යාවක් මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ මිය යාමට හේතුව අනාවරණය කර ගැනීම සඳහා මියගිය අලින්ගේ සිරුරුවල සාම්පල ලබා ගනිමින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

අප්‍රිකානු රටවල වෙසෙන අලින්ගෙන් තුනෙන් එකක පමණ සංඛ්‍යාවක් බොස්ට්ස්වානා රාජ්‍යයේ වාසය කරන බව වාර්තා වේ.

Related posts

ඊශ්‍රායල රාජ්‍ය නියෝජිතයන් හමුවීමට හමාස් නායකයා ඊජිප්තුවට යයි

Admin

චීන හමුදාව සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියයයි

colombotoday

තමිල්නාඩු ජය ලලිතාට

colombotoday

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල යළි ඉහළට

colombotoday

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Admin

අගමැති ඉවත් කලත් අර්බුදය අවසන් නැහැ… ඉන්ධන ගන්න සල්ලි නැතිව පාකිස්තානයෙත් විදුලිය කැපෙයි

colombotoday