ArticlesColombo Today Local News

බේරෙන්න බැරි කොරෝනා භීතිකාව. වෛරසයේ ආරම්භය සහ ක‍්‍රියාත්මක වන්නේ මෙහෙමයි.

චීනයේ වූහාන් නගරයෙන් පළමු වරට වාර්තා වූ නව කොරෝනා වෛරස් ආසාදනය මේ වනවිට ලෝකයේ රටවල් රැසකට ගමන් කර අවසන්. මේ වනවිට ලෝකයේ කොරෝනා වෛරස් ආසාදිතයන් 7000 ක් සිටින බවට හඳුනාගෙන ඇති අතර වෛරසය ඇතැයි සැකපිට 10,000 කට ආසන්න ප‍්‍රමාණයක් රෝහල් ගත කර ඇත.

නවතම වාර්තාවන් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරස් ආසාදනය ඇති බවට සැක කරමින් මේ වනවිටත් රෝගීන් 23 දෙනකු අංගොඩ පිහිටි ජාතික බෝ නොවන රෝග පිළිබඳව විද්‍යායතනයට ඇතුළත් කර ඇති බවයි. මෙම රෝගීන්ගෙන් 8 දෙනකුගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර ඇති අතර එයින් තිදෙනකුගේ වාර්තා මේ සටහන තබන විටත් ලැබී ඇත. ලැබුණු වාර්තා අතරින් එක් අයකුට කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කරයි. ඇය ශ‍්‍රී ලංකාවේ සංචාරකයක් සඳහා පිරිසක් සමග චීනයේ වූහාන් නගරයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන කාන්තාවකි.

ඇය මේ වනවිටත් ජාතික බෝ නොවන රෝග පිළිබඳව විද්‍යායතනයේ විශේෂ ප‍්‍රතිකාර ඒකකයක අනෙක් රෝගීන්ගෙන් වෙන් කොට ප‍්‍රතිකාර ලබමින් සිටී. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි. මේ සියල්ලත් සමග ශ‍්‍රී ලාංකික අපටත් කොරෝනා වෛරසයේ බිය චීනජනතාවට මෙන් දැනෙන්නට විය.

ඒ සදහා අපේ රටේ දැනට ඇති සැලැස්ම මෙසේය….

චීන ජාතිකයන්ට චීන භාෂාවෙන්ම පති‍්‍රකාවක්…

චීන ජාතිකයන් සම්බන්ධයෙන් මෙම තොරතුරු පත‍්‍රිකාව ඔවුන්ගේ භාෂාවෙන් ලබාදීමටත් කටයුතු කර තිබෙනවා. මෙම තොරතුරු පත‍්‍රිකා සම්පූර්ණ කර ලබා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ අවශ්‍ය වූ විට එම ගුවන් මගීන් පිළිබඳව පසු විපරම් කිරීමේ හැකියාවයි.

එය කරනු ලබන්නේ අපගේ සෞඛ්‍ය පද්ධතිය හරහායි. විශේෂයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හරහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප‍්‍රාදේශීය වසංගත විද්‍යාඥයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකතුවෙනුයි මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරනු ලබන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම පුද්ගලයන් නැවතී සිටින ස්ථානවලට ගොස් වරින් වර ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය විමසා බලනවා. එසේ කිරීමේදී ඔවුන් තුළ මෙම වෛරසය ආසාදනය ඇති බවට රෝග ලක්ෂණ හඳුනාගත හැකිය.

ගුවන් යානාවලට වීඩියෝපට…

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගුවන් මගීන් ඇතුළු වූ විට කි‍්‍රයා කළ යුතු ආකාරය පිළිබඳ ඇතුළත් වීඩියෝ පටයක් සියලූම ගුවන් යානාවලට ලබා දී තිබෙනවා.

ටර්මිනේටර් ස්කෑනින් යන්ත‍්‍ර වැඩි කරලා…

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ පැය 24 පුරා රෝගීන් හඳුනාගැනීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. මෙතෙක් පැවති ටර්මිනේටර් ස්කෑනින් යන්ත‍්‍ර 2 සිට 4 දක්වා වැඩි කර තිබෙනවා. මේ සඳහා වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩි පිරිසක් යොදවා තිබෙනවා.

පලාලි ගුවන්තොටුපළෙහිත් පරීක්ෂාවන්…

මීට අමතරව පලාලි ගුවන්තොටුපළ සඳහාත් උතුරේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හරහා සැකකාර රෝගීන් හඳුනාගැනීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරනවා.

රට තුළට ඇතුළු වන නැව්වලටත් පරීක්ෂාවක්…

තවද මුහුදු මාර්ගයෙන් රට තුළට ඇතුළු වන සංචාරකයන් සඳහා ද වෙනම වෛද්‍ය පරීක්ෂාවක් කි‍්‍රයාත්මක කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා.

ප‍්‍රතිකාර කරන රෝහල් ගණන වැඩි කරලා…

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට මුලතිව්, නුවර සහ බලපිටියෙන් රෝගීන් හඳුනාගැනීමත් සමග ඊයේ (27 දා) සිට අංගොඩ පිහිටි ජාතික බෝ නොවන රෝග පිළිබඳ විද්‍යායතනයට අමතරව උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම), දිස්ත‍්‍රික් මහ රෝහල ගම්පහ, දිස්ත‍්‍රික් මහ රෝහල මීගමුව, නුවර මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, පළාත් මහ රෝහල රත්නපුර, පළාත් මහ රෝහල බදුල්ල යන රෝහල්වලට ඒ ඒ පළාත්වලින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත යැයි සැකකරන රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂාවන්ට යොමු කිරීමේ පහසුකම් සලසා දී තිබෙනවා. එහිදී මූලික පරීක්ෂාවෙන් හඳුනාගන්නා රෝගීන් පමණක් වැඩිදුර පරීක්ෂාවන් සඳහා ජාතික බෝ නොවන රෝග පිළිබඳ විද්‍යායතනයට යොමු කළ හැකියි.

වෛද්‍ය පරීක්ෂණ ආයතනය අභියෝගයට සූදානම්

මෙවැනි රෝගීන් පිළිබඳ පරීක්ෂණ කොළඹ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනය මඟින් සාර්ථකව සිදුකරනු ලබනවා. මේ වනවිටත් Coronaඩසරමි 2019 සඳහාම වූ ඡක්‍ඍ පරීක්ෂණය අප දියුණු කර තිබෙනවා. මේ සඳහා හොංකොංහි සිටින ශ‍්‍රී ලාංකික විද්‍යාඥයකු වන මහාචාර්ය මලික් පීරිස් සහාය අපි ලබා ගන්නවා. ඒ අනුව ඉන්දියාවේ පූනේ නගරයේ සහ ශ‍්‍රී ලංකාවේ කොළඹ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනවලට පමණයි ශ‍්‍රී ලංකාව අවට පිහිටි රටවල්වලින් මෙම පරීක්ෂණය කිරීමේ පහසුකම ඇත්තේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වෙනමම ආරක්ෂාවක්

දැනට තිබෙන අත්දැකීම අනුව මෙම වෛරසය වේගයෙන් පැතිරීමක් සිදුවන බව සොයාගෙන තිබෙනවා. නමුත් එහි තීව‍්‍රතාව පෙර කොරෝනා කාණ්ඩයේ වෛරසවලින් පැතිර ගිය වසංගත රෝගවලට වඩා අඩුයි. කෙසේ වෙතත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගැනීම සඳහාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඡුැරිදබ්ක චරදඑැජඑසඩැ  equipment (ppe) කට්ටල ලබාදී තිබෙනවා. මේ නිසා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී සම්පූර්ණය ශරීරය ආවරණය වන ඇඳුම්, ඇස් ආවරණ හා මුඛ ආවරණ, බූට් සපත්තු ලබා දී තිබෙනවා. තවදුරටත් අපට ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් මේ සඳහා ආධාර ලැබෙමින් පවතිනවා.

ජනාකීර්ණ තැන්වල නිකරුනේ ගැවසීමෙන් වළකින්න…

මෙම රෝගය වාර්තා වූ රටක හෝ එවැනි නගරයක සිට ලංකාවට පැමිණීමෙන් පසු මුල් සති දෙකක කාලය ඇතුළත ඔවුන්ට ශ්වසන රෝගයක් ඇති වෙනවා නම් ඔවුන් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමු වී ප‍්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. එවැනි අය ජනාකීර්ණ ප‍්‍රදේශවල හෝ තැන්වල ගැවසීමෙන් වැළකීමත් වඩාත් සුදුසුයිි. සාමාන්‍ය ජනතාව වැඩි ජනාකීර්ණ ප‍්‍රදේශවල නිකරුනේ ගැවසීම, ශ්වසන රෝගීන් ගැවසෙන ස්ථානවල සිටීමට සිදුවීම රෝගකාරක වෛරස ශරීරගත වීමට හේතු විය හැකිය. එවැනි අවස්ථාවලදී සුදුසු මුඛ ආවරණයක් පැළඳීම, අත් සබන් යොදා සේදීම හෝ සබන් දියරයක් යොදා සේදීම කළ යුතුය. පෞද්ගලික පිරිසිදුතාව ආරක්ෂා කර ගැනීමත් වැදගත්. සාමාන්‍ය ජනතාව වතුර වැඩියෙන් පානය කිරීම උගුර වියළිමට නොදීම සහ ප‍්‍රතිශක්තිය වර්ධනය කරන ආහාර කෑම වේලට එක් කර ගැනීම කළ යුතුයි. කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, උණ වැනි සාමාන්‍ය රෝග ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම කළ යුතුයි. එමෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාව සහ නිව්මෝනියා තත්ත්වය ඇති වේ නම් රෝග කාරක වෛරසය දරුණු ආකාරයෙන් කි‍්‍රයා කිරීම එයට හේතුවයි.

හුදෙකලාව පීඩා විඳින චීනය

මෙම සටහන තබන මොහොත වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගොස් ඇති සංඛ්‍යාව 213 ක් වන අතර 9,600 කට වැඩි පිරිසක් රෝග කාරක වෛරසය ශරීරගත වී ඇති බවට හඳුනාගෙන ඇත.

මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් සිටින චීන ජාතික සෞඛ්‍ය කමිටුව දින හයක් ඇතුළත ඇඳන් දහසකින් සමන්විත රෝහලක් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා නොමිලේ ප‍්‍රතිකාර කිරීමට සාදා නිමකර ඇත.

කොරෝනා ආසාදිත චීන නගරවල වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය

මෙම නගරවල රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි පිරිසක් මේ වනවිටත් රජයේ අනුග‍්‍රහය ඇතිව ශ‍්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇත. එම කි‍්‍රයාවලිය අඛණ්ඩව කි‍්‍රයාත්මක වේ.

චීනයේ වූහාන් ප‍්‍රාන්තයේ අධ්‍යාපන කටයුතුවල යෙදුන ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන් මේ වනවිට ශ‍්‍රී ලංකාවට ගෙන්වා සති දෙකක් පමණ කාලයක් දියතලාව ආරක්‍ෂක කඳවුරේ නවතා ඔවුන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත. ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාව පෙරමුණ ගෙන ඇත.

තවද චීනයේ වෙසෙන අනෙකුත් ශ‍්‍රී ලාංකිකයන් ද මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය පියවර ගනිමින් සිටී.

කෙසේ වෙතත් පසුගිදා නිමා වූ චීන අවුරුද්ද සැමරීම සඳහා ශ‍්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයන් ඔවුන්ගේ ගම් රටවල් බලා පිටත්ව ගොස් තිබූ අතර ඔවුන් මේ දිනවල ශ‍්‍රී ලංකාවට නැවත පැමිණෙමින් තිබේ. එම ගුවන් මගීන් ආසාදිතයන් ද නැද්ද යන්න දැන ගැනීම සඳහා විදිමත් සෞඛ්‍ය පරීක්ෂාවක අවශ්‍යතාව මේ වනවිටත් රට තුළ මතු ඇත.

මෙරට සෞඛ්‍ය පද්ධතිය සීරුවෙන්…

බෝ නොවන රෝග පිළිබඳව විද්‍යායතනය ඇතුළු රෝහල් කිහිපයක්ම කොරෝනා වෛරස ආසාදිතයන්ට ප‍්‍රතිකාර සැපයීම සඳහා සූදානමින් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ යම්කිසි අයකුට අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා චීනයේ වෙනත් නගරයකට හෝ මෙම වෛරසය ආසාදනය වී ඇති රටකට සංචාරය කිරීමට සිදු වෙනවා නම් සෞඛ්‍ය ආරක්ෂිත පියවර වහාම අනුගමනය කළ යුතු බවයි. නව කොරෝනා වෛරසය (2019 – nCoV) පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අවසන් භාගයේදී චීනයේ වූහාන් නගරයේ ශ්වසන රෝගය වසංගතයක් ආකාරයෙන් පැතිර යෑමත් සමග එම ශ්වසන රෝගයට අලූත් වෛරසයක් බලපා ඇති බව සොයාගනු ලැබුවා.

එය මින් පෙර වසංගතයක් ලෙස මැදපෙරදිග රටවල පැතිර ගිය MERS – Cov සහ චීනයේ පැතිර ගිය SARC නමැති වෛරස් කාණ්ඩයේම වෛරසයක් බව ද හඳුනා ගත්තා.

මුලින් MERS – Coviy සහ SARC වෛරස දෙක ඔටුවන්ගෙන් සහ උගර සත්ත්ව වෙළෙඳපළක් ආශ‍්‍රිතව පැතිර ගිය නිසා සතුන්ගෙන් බෝ වූ වෛරසයක් බව තහවුරු කර ගත්තා. නමුත් අද වනවිට ශීඝ‍්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසය (2019 – nCoV) ඍජුවම මිනිසුන් අතර බෝවන වෛරසයක් ලෙස අද වනවිට තහවුරු කරගෙන තිබෙනවා.

ජනවාරි මස 30 වන දින වනවිට රටවල් 16 කින් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හඳුනාගෙන තිබෙන අතර මෙහි බරපතළ තත්ත්වය වන්නේ රෝගය ඇති බවට තහවුරු කර ගන්නා රෝගීන් සංඛ්‍යාව පැය 24 ක් තුළ දෙගුණයකට වඩා වැඩිවෙමින් තිබීමයි. ශ‍්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් සංචාරය කරන සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල ද ආසාදිත රෝගීන් හඳුනාගෙන තිබීම අපට සුළුකොට තැකිය නොහැකියි.

පැතිර ඇති රටවල්

ශ‍්‍රී ලංකාව ඇතුළුව පිලිපීනය, ඉන්දියාව, චීනය, ඇමෙරිකාව, කැනඩාව, ප‍්‍රංශය, ඔස්ටේ‍්‍රලියාව, තායිවානය, මැකව්, මැලේසියාව, වියට්නාමය, නේපාලය, තායිලන්තය, ජපානය, උතුරු කොරියාව සහ දකුණු කොරියාව, හොංකොං, සිංගප්පූරු වැනි රටවල්.

වෛරසයෙන් වැළකීම සඳහා…

* නිරන්තරයෙන් සබන් හෝ දියර සබන් යොදා හොඳින් දෙඅත් සෝදන්න. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සේවය කරන අය නම් මෙම වෛරසයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි බැවින් සුදුසු මුඛ ආවරණයක් පැළඳීම සහ විශේෂයෙන්ම දෑත් පිරිසිදු කාරකයක් භාවිතයට පුරුදු වන්න.

* කිවිසුම් යන විට හෝ කැස්ස ඇති විට ලේන්සුවකින් හෝ පිරිසිදු රෙදි කඩකින් හෝ ඒ කිසිවක් නොමැති අවස්ථාවක තම වැලමිට ප‍්‍රදේශයෙන් මුඛය ආවරණය කර ගන්න.

* උණ රෝගය ඇති පුද්ගලයන් සමග අනවශ්‍ය ලෙස ගැවසීමෙන් වළකින්න.

* වෛරසය ආසාදනය ඇති බවට සැක කරන රෝගීන් වෙනම ස්ථානයක තැබීමට කටයුතු කරන්න.

* වැඩි ජනතාවක් රැඳෙන ප‍්‍රවාහන සේවා, වෙළෙඳසල්, පොදු උත්සව වැනි තැන්වල රැඳීමෙන් වළකින්න. මෙවැනි ස්ථානවලදී මුඛ ආවරණයක් පැළඳීමට පුරුදු වන්න. ඒ සඳහා වෛද්‍ය අංශ විසින් නිර්දේශිත P – 2 මුඛ ආවරණ, N -95 මුඛ ආවරණ වඩාත් සුදුසුයි. සාමාන්‍ය මුඛ ආවරණයක් පැය අටකට වඩා භාවිත නොකරන්න. ඒවා සුදුසු පරිදි ඉවත් කරන්න.

* ඔබට කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ උණ තිබේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවෙන්න.

* මුහුණ හෝ ඇස් නිකරුණේ ඇල්ලීමෙන් වළකින්න.

රෝගය පැතිර යා හැකි ආකාරය

මෙම රෝගය බිඳිති ආකාරයෙන් පැතිර යා හැකිය. විශේෂයෙන් ආසාදිත පුද්ගයකුට කිවිසුම් යන විට හෝ කහින විට ඔවුන්ගෙන් පිටවන විසිරෙන බිඳිති මඟින් නිරෝගී පුද්ගලයකුගේ් ශ්වසන පද්ධතියට ආසාදිත වෛරස ඇතුළු ශ්වසන අපහසුතා ඇති කළ හැකිය.

වෛරසය ආසාදිත වූවන්ගේ රෝග ලක්ෂණ…

මෙම වෛරසය ආසාදනය වීමෙන් ශ්වසන පද්ධතිය ආශ‍්‍රිත රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ලෙස

* සාමාන්‍ය කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව සමග ඇතිවන උණ හඳුනාගත හැකිය. එම නිසා කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව ඇති විට වහාම ප‍්‍රතිකාර ගන්න. කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි බරපතළ නොවූ රෝග ලක්ෂණ පෙන්වන අවස්ථාවේ ප‍්‍රතිකාර ගත හොත් ඉතා ඉක්මනින් රෝගය දරුණු තත්ත්වයට පත්වීමෙන් වළක්වාගත හැකිය.

* අධික උණ සමග හුස්ම ගැනීමේ අපහසුතාව, නිව්මෝනියාව වැනි රෝග ලක්ෂණ පෙන්වනවා නම් රෝගය දරුණු අතට හැරෙමින් පවතී. නොපමාව ප‍්‍රතිකාරවලට යොමුවන්න.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පණිවුඩයක්…

මේ වනවටි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය පැතිර යෑමේ ශීඝ‍්‍රතාව නිසා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා වෛරසය පිළිබඳ කියා සිටියේ ‘සීමිත ලෙස මිනිසාගෙන් මිනිසාට සම්පේ‍්‍රෂණය වීම පිළිබඳව ඔවුන් මේ වනවිටත් වෛරසය ගැන හඳුනාගෙන තිබෙන බවයි.’ එම නිසා මෙම වෛරසය කලාපීය වශයෙන් දැඩි අවදානමක් ඇති කරන බවට ඔවුන් අනතුරු අඟවයි.

ආසියාවට වැඩි අවදානමක්…

හොංකොං චීන විශ්වවිද්‍යාලයේ ශ්වසන රෝග විශේෂඥ මහාචාර්ය ඬේවිඞ් හුයි ෂූ – චියෝන්ග් පවසන්නේ චීන සංචාරකයන් ඔවුන්ගේ අලූත් අවුරුදු නිවාඩුව අවසන් කර විදේශ සංචාර සිදු කිරීමට ඉඩ ඇති බැවින් ඉදිරි දිනවල ආසියාතික කලාපයේ බොහෝ රටවලට මෙම නව කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක් තිබෙන බවයි.


වෛරසයේ ආරම්භය මෙහෙමයි…

මෙය පළමුව හටගත්තේ චීනයේ වුව ද මේ වන විට එය ඇමෙරිකාව ද ඇතුළු තවත් රටවල් රැසකට ද පැතිර ගොස් අවසාන ය. ඇමෙරිකාවෙන් වාර්තා වූ පළමු රෝගියා වොෂින්ටන් වැසියෙකි. ඔහු දින කිහිපයකට පෙර චීනයට ගොස් ඇති අතර මේ ව්‍යසනය පැතිරුණ වුහාන් නගරය ඔහුගේ එක් ගමනාන්තයක් වී තිබේ. ඔහු වුහාන් වෙත ගිය ද එහි වූ සාමුහික ආහාර අලෙවි මධ්‍යස්ථාන වෙත නො ගිය බවට සහතික වී තිබේ. ඔහු එසේ කීමට හේතුව නම් මේ වයිරසය චීනය තුළ බහුල ව පැතිර ගියේ සාමුහික ආහාර අලෙවි ස්ථාන හරහා බැවිනි.

එසේ ම මේ වයිරසයට ගොදුරු වීමෙන් මිය ගිය පළමුවැන්නා වුහාන්හි මස් වෙළෙඳසලකට සම්බන්ධ අයෙකි. වයිරසය සංක‍්‍රමණය වන්නට ඇත්තේ මස් වෙළෙඳපොළේ තිබූ සාමුහික මස් හෝ වෙනත් සතුන්ගේ මස් හරහා විය හැකි යැයි පළමු දිනවල සැක පහළ කෙරිණි.

වුහාන්හි සාමුහික සත්ත්ව මාංශ අලෙවිසල් මෙන්ම කුකුළු හා හරක් මස් කඩ ද බහුල ය. එසේ ම මේ සාමුහික මාංශ අලෙවිසල්වල කුකුළු මස්, බළල් මස්, හා මස්, නරි මස් වැනි මාංශ ද අලෙවි වේ. සමහරුන් සැක කරන්නේ කුකුළු මස් හෝ සජීවී කුකුළන් හෝ හරහා මේ විෂබීජය පැතිරුණ බවයි.


ජාත්‍යන්තර සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට අනුව ශ‍්‍රී ලංකාව කටයුතු කරනවා…- සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත‍්‍රාදේවි වන්නිආරච්චි

korona3

”විශේෂයෙන් අද (28 දා) මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට අදහස් කළේ කොරෝනා වෛරසය ශ‍්‍රී ලංකාව පුරා පැතිරීම වැළැක්ම සඳහා ශ‍්‍රී ලංකා රජය ගත් කි‍්‍රයාමාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහායි. මෙහිදී සඳහන් කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් මෙවැනි අවස්ථාවකදී අපි කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර වශයෙන් මෙවැනි තත්ත්වයකදී කටයුතු කළ යුතු ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පනවන ලද සෞඛ්‍ය රෙගුලාසිවලට අනුවයි.

විශේෂයෙන්ම ගුවන්තොටුපළට පැමිණෙන සියලූම ගුවන් මගීන් වෛද්‍යවරු සම්බන්්ධීකරණය කරමින් පරීක්ෂාවකට ලක් කෙරේ. ගුවන් මගීන්ගේ ශරීරයේ උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි නම් එවැනි සෑම ගුවන් මගියකුම එම පරීක්ෂාවේදී හඳුනා ගනිමින් ගුවන්තොටුපළේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ස්ථාපනය කර තිබෙන ඒකකයේ සිටින වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හරහා හඳුනාගනිමින් අංගොඩ පිහිටි ජාතික බෝ නොවන රෝග පිළිබඳ විද්‍යායතනයටත් අදාළ අනිකුත් රෝහල්වලටත් පිටත්කර යැවීමට කටයුතු කරමින් සිටී. 27 වැනිදා රාති‍්‍රයේ මමත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාත් ගුවන්තොටුපළ තත්ත්වය පිළිබඳ කළ නිරීක්ෂණ චාරිකාවේදී එහි සෑහීමකට පත්විය හැකි වෛද්‍ය කාර්ය මණ්ඩලයක්, පරීක්ෂාවන් සහ ගිලන් රථ සේවාවක් තිබෙන බව දුටුවා. එම වෛද්‍යවරුන් ලබාදීමේදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අපට ලොකු දායකත්වයක් ලබාදුන්නා. කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියකු රෝහල වෙත රැගෙන ගිය පසු එම රෝගීන්ට විශේෂ ප‍්‍රතිකාර ලබාදීම සඳහා උණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක්ම සූදානම් කර තිබෙනවා. එමෙන්ම ශ‍්‍රී ලංකා රජය වශයෙන් මෙතෙක් චීන ජාතික සංචාරකයන් සඳහා ලබාදී තිබූ ඔන් එරයිවල් වීසා (On arrival visa) ක‍්‍රමය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා. චීනයේ සිට ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන සංචාරකයන්ට සාමාන්‍ය ක‍්‍රමයට වීසා නිකුත් කිරීමේදීත්් දැඩි පියවර අනුගමනය කිරීමට රජය උපදෙස්දී තිබෙනවා.

වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරමින් රෝහල්ගත කරන රෝගීන් සඳහා ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියලූ ආරක්ෂක උපාංග අපි සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් රෝහල්වලට ලබාදී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමිය විදියට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අපට සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් අපි නිරන්තරයෙන් ලබා ගන්නවා.


ක‍්‍රියාත්මකවන්නේ මෙහෙමයි…

korona4

මිනිසා ගෙන් මිනිසාට සම්පේ‍්‍රෂණය වීමේ හැකියාව මේ වයිරසය සතු බව සොයාගැනීමෙන් පසුව චීනය සංචාරක කටයුතු සඳහා යම් ආකාරයක සීමා පනවා ඇත. එයට හේතුව නම් මිලියන 400-450කට ආසන්න ප‍්‍රමාණයක් එහා මෙහා ගමන් ගැනීම හේතුවෙන් හා පොදු ස්ථානවලට රොක්වීම හේතුවෙන් මෙය වසංගතයක් වීමට ඉඩ තිබීමයි. තර්ජනය ඇරඹුණු ප‍්‍රදේශය සෙසු ලෝකයෙන් හුදෙකලා කිරීමට ද චීනය විසින් පියවර ගන්නා ලදි.

චීන ජනාධිපති Xi Jinping මාධ්‍යවලට ප‍්‍රකාශ කොට සිටියේ වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට ගත යුතු හැම පියවරක් ම රජය ගන්නා අතර රෝගීන්ට හොඳ ම ප‍්‍රතිකාර ලබා දෙන බවයි.

තායිලන්තය, ජපානය හා දකුණු කොරියාව යන රටවලින් ද රෝගීන් වාර්තා වී ඇති අතර ඒ සියලූ දෙනා චීනය සමඟ සබඳතා පැවැත්වූ අයයි.


මේ වයිරසය සතුන්ගෙන් සතුන්ට මෙන්ම සතුන් ගෙන් මිනිසාට ද ඊට අමතර ව ද මිනිසා ගෙන් මිනිසාට ද සම්පේ‍්‍රෂණය වන බව හෙළිව තිබේ. මේ වයිරසය රෝගී වූ පුද්ගලයකුගේ සෙම සොටු වැනි ශ‍්‍රාව හරහා බෝ විය හැකි ය. එනම් වාතය හරහා බිඳිති මගින් බෝ වේ. මේ වයිරසය ඍභ් හා ප්‍රෝටීනවලින් සමන්විත වන අතර ප්‍රෝටීනවල ව්‍යුහය SARS විෂබීජයට සමාන ය. මානව ෙසෙලයට මේ වයිරසය බැඳීම සිදු වන්නේ වයිරසයේ පවතින Angiotensin Converting Enzyme 2 (ACE 2) නම් එන්සයිමය ම`ගිනි. උග‍්‍ර ලෙස මානව ෙසෙලවලට හානි කළ SARS වයිරසයේ ද මෙය පැවතිණ.

තොරතුරු දැනගන්න විගස අංකයක්..

මෙහිදී වැදගත්ම කාරණය වන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වශයෙන් සහ මාධ්‍ය වශයෙන් ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමයි. ජනතාව තුළ අනියත බියක් ඇති කිරීම වෙනුවට රෝගය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලූ නිරාකරණය කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි දුරකථන සේවා දෙකක් ස්ථාපනය කර තිබෙනවා.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන ඒකකය මඟින් පැය 24 පුරා කි‍්‍රයාත්මක වන 071- 0107107 අංකය සහ ආපදා ඒකකය මඟින් පවත්වා ගෙන යන 011 – 3071073 දුරකතන අංකවලින් නිවැරදි තොරතුරු මහජනතාවට ලබාගත හැකියි.

Related posts

පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ – පාරිභෝගික අධිකාරිය

colombotoday

මහින්ද අගමැති කරවන සිම්පල් ප්ලෑන් එකක් ප්‍රසන්න හෙළි කරයි (Video)

colombotoday

විදුලි පහන් සංඥා නොතකා ආ බස්යක් ලොරි‍යක ගැටී පෙරලෙයි

Admin

අගමැති අපේ ඉල්ලීම්වලට අකමැති වුණා.. 15 දා වර්ජනය ස්ථීරයි

colombotoday

ගෝඨාභයට හිට්ලර් වගේ වෙන්න කීවේ ඇයි ? අස්ගිරි අනුනාහිමියෝ පැහැදිලි කරති

colombotoday

ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට  කුරුමිනියෙකුට හැකිවීනම් අපේ රටට පාලකයන් කුමකටද?

colombotoday