Covid 19

බෙලිඅත්තේ කොස්තාපල්වරයකුට කොරෝනා ආසාධනය වෙයි

බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකුට කොරෝනා ආසාධනය වී ඇතැයි බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

මෙම පොලිස් නිලධාරියා කොළඹ ප්‍රදේශයේ රාජකාරීවල නිරත අයකු බවද එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණවල වාර්තා අනුව ඔහු කොරෝනා ආසාධිතයකු බවට ඊයේ(29)දින හඳුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

මෙම පුද්ගලයා බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසට පැමිණ ඇති අතර මේ හේතුවෙන් ඔහු ආශ්‍රය කළ නිවාස පහක පුද්ගලයන් 26 දෙනකු නිරෝධායනය කිරීමට බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු පියවර ගත්හ.

ඔහු ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත යැවීමටද නිලධාරිහු පියවර ගත්හ. ඔහුගේ ආශ්‍රිතයන් සොයා සෞඛ්‍ය නිලධාරිහු තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරති.

Related posts

කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙකු හදුනා ගැනේ

colombotoday

ළමා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 150 ක්

colombotoday

වීරකැටියේ පාසල් ගුරුවරියකට කොවිඩ් – පාසල් 4ක් වැසේ

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 10000 ඉක්මවයි

colombotoday

අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් දින 18ක් තුළ මරණ 337ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 51ක්

colombotoday