Colombo Today Local News

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රථයේ රියදුරු තව දුරටත් රිමාන්ඩ්

ඉකුත් එකොළොස් වන දා කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ දී බීමත්ව රිය පදවා පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා තවදුරටත් ලබන 19 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් මහතා නියෝග කර තිබේ.

එම පැමිණිල්ල අද (15)දින කැඳවනු ලැබූ අවස්ථාවේ දී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණේය.

පැමිණිල්ල වෙනුවෙන් සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බව ප්‍රකාශ කළේය.

අනතුර සිදුවූ ප්‍රදේශයේ සීසීටීවී දර්ශන ලබාගෙන මෙම අනතුර සිදු වූ ආකාරය පිළිබඳව තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍ය බවත් එතෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා, මෙය හිතාමතා සිදුකළ අපරාධයක් නොවන බවත් රිය අනතුරක් පමණක් බවත් සඳහන් කළේය.

කෙසේවතත් අනතුරට ලක් වූ පුද්ගලයින් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට තම සේවාදායකයා සූදානම්ව සිටින බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 19 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

එදින සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

Related posts

ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක්

Admin

ඇමතිකමක් නුදුන්නා කියා ජනපතිට එරෙහිව පියසේනත් නඩු යයි…

colombotoday

හෙළ උරුම – එජාප දීගය තව දුර යයි.. එකම පෙරමුණකින් පුංචි ඡන්දයට !

colombotoday

බදු නොගෙවා බියර් ආනයනයට “ලයන් බියර්“ සමාගමට අවසර

colombotoday

“ඉන්දියන් ක්‍රමයට” දඬුවම් දෙන්න ගිය පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්.

colombotoday

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතු නීති දැඩි කරයි

colombotoday